පරිනාමවාදය
අපි නින්දෙන් අවදිවුනා වගේ මේ ලෝකයට ආවෙ.
අපි ලෝකය ගැන
සවින්යානික වෙනකොටත් මේ ලෝකය පැවැතියා. අපිට දැනුමක්
ලැබුනා ලෝකය ගැන.
ඒත් අපි හරියට
දන්නවද , මේ මොකක්ද
? මේ ලෝකය මොකක්ද
? අපි ආවෙ කෙහෙන්ද
? හැදුනෙ කොහොමද ? වගේ දේවල්
ගැන... අපේ දැනුමේ
යම් පරිමිතභාවයක් තියෙනවා
නමුත් අපි සෙවීම
නතර කරන්නේ නෑ.
ආගම් සහ සංස්කෘතීන්
වලින් පවා උත්තර
හෙව්වා මේකට . ඊළගට
විද්යාව ආව .
එක එක විද්යාවන්
එන්න ඇති කලින්
. දැනුම නිපදවූවා , දැනුම් පද්ධති
හැදුවා. ඒ අතරින්
කාලයත් එක්ක නවීන
විද්යාව එහෙම
නැත්නම් බටහිර විද්යාව බිහිවුනා
. මේ දැනුම් පද්ධතියත්
අපි ආවෙ කොහොමද
කියන්න උත්තරයක් දෙනව
. සාමාන්යයෙන් ඒක
හදුන්වන්නේ පරිනාමවාදය කියල. කෙනෙකුට ඒක වැරදි
කියන්න හෝ හරි කියන්න කලින්
ඒක අධ්යනය කරල ඉන්න
වෙනවා. ඒ නිසා පරිනාමවාදය වැරදි කියන්න
කලින් ඒක මොකක්ද
කියල කට්ටිය හරියටම
දැනුවත් වෙලා ඉන්න
එක හොදයි . අපි
මුලම ඉදන් යමු.
හැමෝම කියනවා
පරිනාමවාදය කියන්නේ වාදයක් විතරයි
කියල. වාදයක් (theory) මිසක්
ඒක 'පරිනාම නියමය'
හෝ පරිනාම නීතිය
වගේ වුනා නම්
පිලිගන්න තිබුනා කියල
ගොඩක් අය කියන කතාවක්. වාදයක් කියන්නෙ
මොකක්ද ? වාදයක් කියන්නේ
" ලෝකය ගැන යම්
කරුණක් පැහැදිලි කරන්න
ගේන යෝජානා මාලාවක්.
" ඔව් මේකට අනුව
වාදයක් කියන්නේ එහෙම
සැබෑ සත්යයක්
කියන එක නෙවෙයි
. නිවුටන්
පවා ඉදිරිපත් කරේ
පොල් බිමට වැටෙන
එක ගැන වාදයක්
. එයාල පුලුවන් වුනා
ඒ වැටෙන පොල්
ගෙඩියේ ප්රවේගය
ගණනය කරන්න . මේ
ගණනය කිරීම හරියටම
කරන්න තමා නිවුටන්
නියම (laws) තුනක් ගෙනාවේ
. මේ නියම තුන
තියෙන්නේ "නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදය"
ඇතුලෙ. නිවුටන් හිතුවේ
ගුරුත්වාකර්ෂණය කියන්නේ පොළව විසින්
පොල්ගෙඩිය මත කරන
ආකර්ෂණයක් කියල . ඒක
වැරදි කියල අයින්ස්ටයින්
කීවේ එයාගෙ අලුත්
යෝජනාවක් ගෙනාවා. ඒක තමා සාපේක්ශතාවාදය . ඒකත් වාදයක් . ඒක
ආපු මුල් කාලෙම
සමහර විද්යාත්නයින්ට
ඒක පිලිගන්න බැරිවුනා.
ඒත් පසු කාලීනව
ඒකට සාක්ෂි ලැබුනා.
එයාගෙ වාදයෙන් ඉදිරිපත්
කරපු පුරෝකතන (predictions) සාර්ථක
වුනා. නමුත් ඒක
සාපේක්ශතා නියමය කියල
හදුන්වන්නේ නෑ. වාදයක්
මගින් තමා සෑම විටම නියම
ඉදිරිපත් කරන්නේත් එහි අන්තරගත
කරුණක් විදියට . නිවුටන්ගේ
නියම එක්තරා සීමාවකට
නිවරදි . වාදයක් නිවරදි
කියන්න ප්රමාණවත්
සාක්ෂි ලැබුනම ඒක
විද්යාත්නයින් නිවරදි
වාදයක් විදියට පිලිගන්නවා.
ඒක කරුණක් විදියට
පිලිගන්නවා. සූර්යකේන්ද්රවාදය , සාපේක්ශතාවාදය , ක්වන්ටම්
වාදය , තොරතුරු වාදය
(Information theory) සහ මහාපිපිරුම් වාදය , (Big bang theory) වගේ
වාදයන් පිලිගන්නා වාදයන්
විදියට හදුනගන්න පුලුවන්
. මේවට සාක්ෂි සාධක
තියෙනවා. මේ අතරටම
තමා පරිනාමවාදයත් ඇතුලත්
වෙන්නේ. ඒ වාදය ඇතුලෙත් අන්තර්ගත කරුණු
විදියට නියමයන් කිහිපයක්
තියෙන්වා.
පරිනාමවාදය අනාගතයේදී බොරුයි
කියල ඔප්පු කරන්න
පුලුවන් ද ? .. නිවුටන්ගේ
ගුරුත්වාකර්ෂණ වාදය වැරදි
වුනා වගේ කොච්චර
පිලිගත්තත් පස්සෙ බොරු
වෙන්න පුලුවන් කියල
සමහරු කියනවා. විද්යාවේ තියෙන
ලක්ෂණයක් තමා සෑම
දෙයක්ම අසත්යකරනය
(falsification) කරන්න පුලුවන් හැකියාවල් තියෙන්වා
. ඒකෙන් කියන්නේ ඒක
වැරදි කියල නෙවෙයි . විද්යාත්මක ඕනිම
අදහසක් වැරදි කියල
කෙනෙකුට ඔප්පු කරන්න
ඕනි නම් ඒකට ක්රමවෙදයක්
තියෙන්වා. ඒ ක්රමවේදය හදුනාගෙන
ඒ ඔස්සේ ගිහින්
පරීක්ෂණ සිදු කරොත්
එය ඇත්තක් හෝ
බොරුවක් කියල ප්රතිඵලයක් එනවා. මේ
අසත්යකරණය ගැන
අදහස ගෙනාවේ කාල්
පොපර් , එයාට අනුව
විද්යාවේ ලක්ෂණයක්
තමා එය පරිෂාකර
බලා වැරදි කියල
ඔප්පු වෙන්න විය
හැකියාවක් තිබීම . එසේ නැතිනම්
එය විද්යාත්මක
න්යායක් වෙන්නේ
නෑ. මේක තමා නූතන විද්යාව අනිත්
දැනුම් පද්ධතිවලින් වෙන්
වෙන මූලික ලක්ෂණය.
ජෝතිශ්ය ප්රතිඵලයක්
කොච්චර වැරදුනත් එය
අසත්යකරනය කරනා
බෑ. මොකද ජෝතිශ්ය
අනාවැකි කියන අය ඒකට වෙන
හේතුවක් දෙන නිසා.
ඒ වගේම ලෝකය
මැව්වේ දෙවියන් කියන
එක වැරදි කියල
ඔප්පු කරන්න ක්රමයක් නෑ.
මොකද දෙවියන් ප්රශ්න කරපු
ගමන් ඒකට වෙන තර්කයක් ඉදිරිපත් කරනවා.
ඒ වගේම තමා
biocentrism සහ simulation
theory වගේ
ඒවත් . Simulation theory වැරදි කියල
ඔප්පු කරොත් ඒකත්
simulation එකේම දෙයක් කියන්න
පුලුවන් . සියල්ල මනසේ
නිර්මාණයක් කියන අදහසත්
එහෙමයි . ඒවා
වැරදි කියල ඔප්පු
කරන්න බෑ කියන එකෙන් අදහස්
කරන්නේ නෑ ඒවා හරී කියල
. " සූර්යා වටේ කැරකෙන
තේ පෝච්චියක් තියෙන්වා
" කියන එක වැරදි
කියල ඔප්පු කරන්න
බැරිවෙන එකෙන් කියන්නේ නෑ
ඒක හරි කියල
.
කෙනෙකුට ඕනි නම් පුලුවන් සාපේක්ශතාවාදය වැරදි
කියල ඔප්පු කරන්න
පරීක්ෂණයක් කරන්න . එහෙම පරීක්ෂණයක්
හෝ තර්කයක් ගොඩ
නගන්න අවකාශයක් ඕනිම
වාදයකට අදාලව විද්යාව තුල
තියෙන්වා. සූර්යකේන්ද්රවාදය වුනත්
එහෙම තමා , ඒක
වැරදි කියල ඔප්පු
කරන්නේ කොහොමද කියල
මට තේරෙන්නේ නැතිවුනාට
. ඉතින් පරිනාමවාදය බොරු
වෙන්න පුලුවන් කියන
එකේ එච්චර වටිනාකමක්
නෑ . ඒක බොරු නොවෙන්නත් පුලුවන් . දැන්
තියෙන පරිනාම ක්රියාවට වඩා
වෙනස් ක්රමයකින්
පරිනාමය වෙන විදියක්
එන්නත් පුලුවන් . ඒ
වගේම තමා ඔය තර්කෙට අනුව
සූර්යකේන්ද්රවාදය
බොරු වෙන්නත් පුලුවන්
. ඒ නිසා එහෙම
කියන එකේන් අදහස්
වෙන්නේ නෑ පරිනාමවාදය
බැහැර කරන්න පුලුවන්
කියල හෝ ඒක පරිනාමවාදයට එරෙහි ප්රභල තර්කයක්
කියල. හැබැයි විද්යාත්මක ප්රවාදයක් බිදවැටිල කවදාවක්
ඊට කලින් තිබුන
සංස්කෘතික හෝ ආගමික
අදහසක් සත්‍ය වෙලා නෑ.
සෑම විටම ඊට වඩා දියුණු
වාදයක් එනවා. ඒ නිසා කට්ටිය
හීන මැව්වට පරිනාමවාදය
බොරු වෙලා මැවුම්වාදය
ඔප්පු වෙයි හෝ පිටසක්වල ජාන වාදයක්
ඔප්පු වෙයි වගේ
කියල ඒව සුරංගනා
කතා.
පරිනාමවාදයට කලින් අපි
බලමු එය ගොඩ නැගෙන්න පදනම සහ අපි ගැන
අපි කල්පනා කරපු
ඉතිහාසය මොකක්ද කියල.
මම මෙතනදි කිසිම
වෙලාවක ජීවයේ සම්භවය
ගැන කතා කරන්නේ
නෑ. ඒක ඇත්තටම
වෙනම මාතෘකාවක් . පරිනාමවාදය
කියන්නෙත් අපි දැන්
ඉන්න තැන ඉදන අතීතය ගොඩ
ගන්න එකක් මිසක්
, අනිත් ආගමික කතන්දර
වගේ මුල ඉදන්
කියන කතාවක් නෙවෙයි
. ඒත් චාල්ස් ඩාවින්ට
තිබුනා යම් අදහසක්
සෑම ජීවියෙක්ම යම්
කිසි මූලික සත්වයෙක්ගෙන්
පැවත එන්න ඇති
කියල . ඔහු එය හැදින්නුවේ ප්රාථමික
ස්වරූපයක් (primodial form) කියල. 1977 දී Carl Woese නම්
විද්යාත්නයා " විශ්වීය
අවසාන පොදු පූර්වජ්යයෙක් ගැන
අදහසක් ඉදිරිපත් කරා
" . ඉංග්රීසියෙන් කියන්නේ Last Universal Common Ancestor එහෙම නැත්නම්
LUCA . 2016 දී විද්යාත්නයින්
බැක්ටීරියා සහ Archea වසමට (domain) අයත්
DNA 2000ක් පමණ පරීෂාකරල
ඒ සියල්ලයට පොදු
ලක්ෂණ සහිත ජීවියෙක්
පැවතියා කියල අදහසක්
ඉදිරිපත් කරනවා.
ඒ
ගැන වැඩිදුර මෙතනින්
බලාගන්න.
https://www.nature.com/articles/nmicrobiol2016116
නමුත්
ජීවයේ සම්භවය කියන්නේ
ඊට වඩා සංකීර්ණ
මාතෘකාවක් නිසා ඒක
වෙනම කතා කරමු. පරිනාමය
වීම කියන්නේ ඇත්තටම
ජීවයේ සම්භවයටත් වඩා
පැරණි දෙයක් වෙන්න
ඇති කියල RNA world theory ය
ඉදිරිපත් කරන අය
කියනවා.
https://www.newscientist.com/article/dn14726-did-evolution-come-before-life/#:~:text=A%20rudimentary%20form%20of%20natural,of%20life%20much%20more%20probable.
කොහොම
වුනත් අපි මේ ලෝකෙ අත්දකිනකොට
අපි මුලක් ආරම්භයක්
ගැන දන්නේ නෑ.
අපි දකින්නේ ගස්
වැල් , සත්තු . මේ
අය ජීවත් වෙනවා.
වැස්ස වහිනවා , නියන්
කාලවල් එන්වා. අපි
ආහාර හොයාගෙන යනවා.
මේ වගේ අත්දකින
ලෝකයක් තමා තියෙන්නේ.
මේ ලෝකෙ කොහොම
හරි ආගම් හෝ
'අධිපති මතවාදයන්' කියල
දෙයක් තියෙනවා . ඒවාගෙන්
උත්සහ කරනවා අපිට
සම්පූර්ණ ඇත්ත කියල
දෙන්න. එතකොට මිනිස්සු
විදියට අපිට ආය හිතන්න ඕනි
නෑ . අපිට තියෙන්නෙ
ඒකට ගෘවරව කරල
අනුගමනය කරන්න විතරයි
. බයිබලයට අනුව ලෝකය
අවුරුදු 6000ක් පැරණි
කියල තමා විශ්වාස
කරේ. හැම ජන කොටසකගෙම වගේ ලොකය
සහ ජීවය හැදෙන
විදිය ගැන කතාවක්
තිබුනා . නමුත් මේවට
පැහැදිලි කරන්න බැරි
දේවල් මේ ලෝකයේ
එදා ඉදන් තිබුනා
. ඒව තමා ෆොසිල
. මේක තමා ආරම්භක
හෝඩුවාව. පුරාණ ග්රීකයන් කියන්නෙ
බොහොම හොද ගවේෂකයින්.
ඔවුන් මේ ෆොසිල
දැකල තිබුනා. ඔවුන්
ඒවට කතන්දර හැදුවා
. විශේෂයෙන්ම ග්රීක
මිත්යා කතන්දර
වලට සම්බන්ධ කරා. සමහර
පුරාවිද්යාත්නයින් කියනවා වසර
හයදාහකට විතර කලින්
ඉදන් මිනිස්සු ෆොසිල
ගැන දැනන් ඉන්න
ඇති කියල. චීනය
කියන්නේ ඩයිනෝසර ෆොසිල
වැඩිම රටක්. එහි
ප්රධානම සංකේතයක්
වෙන්නේ මකරා. මේක
සමහර විට ඔවුන්
අතීතයේ දැකපු අමුතු
ඇටසැකිලි වලින් එයාල
මවාගත්ත රූපයක් වෙන්න
ඇති. ඒ වගේම බොහෝ දියුණු
ශිෂ්ටාචාර වල ඩයිනෝසරයන්
වැනි සතුන් පෙන්නුම්
කරන චිත්‍ර සහ නිර්මාණ
තියෙන්වා. ඒ ශිෂ්ටාචාර
වල මිනිස්සු මැණික්
, තඹ සහ යකඩ ලබාගැනීමට පතල් හෑරීම
කරපු අය . ඒ අතරේ අනිවාර්යයෙන්ම
ෆොසිල හමුවෙන්න පුලුවන්
. ඒවාගේ භයංකාර ස්වරූපයන්
ඔවුන් සිතින් මවාගත්තා
වෙන්න පුලුවන් .
ග්රීකයන් "යක්ෂයාගේ නියපොත්ත"(
devil's toenail) ලෙස හැදින්නුවේ
ප්රග් බෙල්ලන්
විශේෂයක ෆොසිල.
"සර්ප පාෂාණ"
(snake stone) සහ " දිව
පාෂාණ " (tounge
stone) වැනි
දේ මේවාට උදාහරණ.
1667 දී ඩෙන්මාක්
ජාතික බොෂොප් කෙනෙක්
වුන නිකොලස් ස්ටෙනෝ
අපූරු නිරීක්ෂණයක් කරා.
ඒ තමා මේ
tounge stone කියන ඒවා මෝරුන්ගේ
දත්වලට සමාන බව.
ඒ වගේම ඒවා
හමුවෙන්නෙත් සුවිශේෂ ස්ථාන වලින්.
ඒ පාෂාණ හැදෙන්නේ
කාලයත් එක්ක රොන්
මඩ එක් රැස්
වෙලා තට්ටු පිටින්
තැන්පත් වෙන මුහුදු
සහ වැව් පතුලවල්
වල. ඒ තුලට යම්කිසි දෙයක් හෝ
සතෙක් වැටුනොත් හෙමින්
සැරේ ඒ තුලම වැලලෙනවා. ඊට උඩින්
අලුත් රොන්මඩ තැම්පත්
වෙනවා. කාලාන්තරයක්
තිස්සේ එසේ වෙලා
පහල ස්ථර ඉතා
තද වෙනවා. ඒ
නිසා වසර ගණනාවක්
තිස්සේ ඒවා ආරක්ෂා
වෙන්වා. ඒ ස්ථරවල
පහළට යන්න යන්න
ඒවා බොහෝ පැරණියි.
මේ නිසා අනිවාර්යයෙන්ම
ෆොසිල යනු පැරණි
ජීවීන් ලෙස ඔවුන්
හදුනාගන්තා . මෙය තවදුරටත්
අද්යයනය කරපු
ස්කොට්ලන්ත භූවිද්යාත්නයෙක්
වුන ජේම්ස් හුට්ටන්
මේ ස්ථර වලට
පහලින් තවන් එවැනි
පැරණි කාලවකවානු
වලය අයත් ෆොසිල
සහිත ස්ථර හදුනාගන්නවා.
ඒ නිසා ප්රථිවිය ඔවුන්
සිතා සිටියට වඩා
පැරණි බව ඔප්පු වෙනවා.
ෆොසිල තැම්පත් වීම
නායයෑම් නිසා, විශේෂයෙන්ම
බයිබලයේ සදහන් ආකාරයේ
දේවල් නිසා උනා
සහ ඊට කලින්
ජීවත් වුන සත්වයිනේ
අස්ථි ෆොසිල ලෙස
තැම්පත් වුනා කියල
උපකල්පනය කරා. මේවා
කොච්චර පැරණි ද කියල ඔවුන්
නිගමනයකට එන්න උනන්දු
වුනේ නෑ කියල පෙනී යන්වා
මොකද ඒ කාලයේ තිබුන ආගමික
මතවලට අභියෝග කිරීමට
ඔවුන් කැමති වුනේ
නෑ. නමුත් රොන්මඩ
තැම්පත් වීමේ කාලය
වැනි දේවල් වලින්
ඉතා පහසුවෙන්ම කියන්න
පුලුවන් කම තිබුනා
මේවා අවුරුදු ලක්ෂ
ගණනක් පැරණි බව.
මේ ස්ථර අධ්යනයන කිරීමෙන්
පසු ප්රංශ ජාතික කොන්ටේ
ඩී බුෆොන් ( Goerge -
Louice Laclerc ලෙසත් ඔහු හදුන්වනවා
. ඔහු 1707 දී උපන්නෙක්
බව සදහන් ) නම් විද්යාත්නයා කීවේ පෘතුවිය
යුග (epoch) 6ක්
පසු කරන්නට ඇති
බවයි. අප දැන් සිටින 7 වන යුගය යනු දෙවියන්
විසින් 7 වන දිනයේ
මිනිසුන් මැව්වා යන
උපමාකාරයෙන් හදුන්වන යුගය බවයි.
සත්වයන්ගේ ස්වරූපය කාලයත් සමග
වෙනස් වන බවට මුල්ම අදහස
ගේන්නේ ඔහු. එය ඔහු
අර්ථකථනය කරේ දෙවින්
සතුන් මැවුවාට පසු
කාලයත් සමග ඒ සතුන් විකෘති
වන බවයි. මෙ
අදහස පසුකාලීනව ඔහුම
හකුලාගන්නවා. ඔහුගේම අදහසක්
තිබුනා පෘතිවිය ඇතුලු
ග්රහලෝක නිර්මාණය
වුනේ සූර්යාගේ හැපුණු
වල්ගාතරුවකින් විසිවුන කොටස් සිසිල්
වීමෙන් කියල . පාෂාණ
සිසිල් වීමට ගතවන
කාලය ගැන කරපු
ගනන් බැලීම් වලින්
ඔහු කීවා පෘතිවිය
වසර 75 000ක් පමණැ
පැරණි වන්නට ඇති
බව. නමුත් ඔහුගේ
ගණනය කිරීම් ගැන
ලේකන පසුකාලීනව පරීෂාකිරීමේදී
ඒවායෙන් පෘතිවිය වසර
මිලියන 10 කටත් වඩා
පැරණි විය යුතු
බව යෝජනා වනවා
කියා හමුවෙන්වා. ඒ
දේවල් සගවාගෙන සිටීමට
සිදුවීමම ඒ කාලයේ
පැවති කේදජනක ආගමික
ආධිපත්යයට හොද උදාහරණයක් . ඒ නිසා අපිට කියන්න
පුලුවන් , මානව පරිනාමය
ගැන අදහසක් ඩාවින්ටත්
පෙර යුරෝපයේ මතුවෙමින්
තිබූ බව.
මෙහි
ප්රතිඵලයක් විදියට
1744 උපන් ප්රංශ
ජාතික ජීන්-බැප්ටිස්
ලමාක් විසින් පරිනාමනය
(transformism) නම් අදහස හදුන්වා
දෙනවා. මේ අදහස්
ඩාවින්ගේ අදහසට ආසන්න
වුනා වගේම ඩාවින්ගේ
අදහස් වලට මේවා
පදනම් වුනා. ඒ කාලයේ සත්ව
වර්ගීකරණය ගැන අදටත්
පිලිගන්නා Carl Linnaeus ගේ 'ද්පද
නාමකරණය' සත්ව විද්යාවේ විශාල
පෙරලියක් කරා. ඔහු
සත්වයන් වර්ගීකරණය කිරීමේ
ක්රමය හදුන්වාදුන්නාත්
සමග ඉතා විශාල
සත්වයන් ගණනක් ගැන
විස්තර ලේකනගත කරනව.
මේ තොරතුරු වලින්
ප්රයෝජන ගැනීමට
ලමාක් සමත් වෙන්වා.
ලමාර්ක්ට අනුව
සත්වයින්ගේ ස්වරූපය අනිවාර්යයෙන්ම වෙනස්
වෙන්වා කාලයත් සමග.
ඔහු එය සිදුවන
ආකාරය පැහැදිලි කිරීමේදී
නිවරදි වුනේ නෑ.
ඔහු කීවේ සත්වයෙක්
තම ජීවිත කාලය
පුරා වැඩිපුර භාවිතා
කරන අවයවයන් දියුණු
වන බව සහ ඒවා වඩා
සාර්ථක ලෙස තම කාර්යන් සිදුකිරීමට හැකිවන
ලෙස සැකසෙන බව.
ප්රසිද්ධ උදාහරණයක්
වන්නේ ජිරාෆ්ගේ දිගු
බෙල්ලයි, අතීතයේ කෙටි
බෙල්ලක් සහිත ජිරාෆ්
සතුන් සිටි බවත්
ආහාර ගිහ වීම නිසා උස
අතුලව කොළා අහාරයට
ගැනීමට නිරන්තරයෙන්ම ඔවුන්
බෙල්ල උස්සන නිසා
එය දිගුවුන
බවයි. මේ දියුණු
වුන ලක්ෂණය ඔවුන්ගේ
පැටවුන්ටත් ලැබෙන බව
ඔහු කීවා. මේ
අනුව දීර්ඝකාලීනව සිදුවන
මේ ක්රියාවලිය
නිසා ඉතා දිගු
බෙල්ලක් සහිත ජිරාෆ්ලා
බිහිවුන බව කියනවා.
නමුත් මෙහි ගැටලු
බොහෝමයක් තිබුන නිසා
ඒ කාලයේදීම එය
ප්රතික්ෂේප වෙනවා.
නමුත් එම අදහස්
වර්ධනය වීමට ඒය බාදාවක් වෙන්නේ නෑ.
ඊලග වැදගත්ම චරිතය
වුනේ ප්රංශ ජාතික ජෝජ්
කුවියර් (George Cuvier).
ප්රංශ ජාතික
ජෝජ් කුවියර් උපන්නේ
1769 . ඔහු ප්රංශ
රජයට අනුබද්ධව සත්ව
විද්යාත්නයෙක් වශයෙන්
කටයුතු කරා. ප්රංශ විප්ලවයෙන්
(1790) පසු ප්රංශය
නිරාගමික රාජ්යක්
වුනා (secular state) මේ නිසා
ආගමික බලපෑමකින් තොරව
නිදහසේ විද්යාත්මක
අද්යයනයන් කරන්න
එහි අවකාශය සැලසුනා.
ප්රංශ රජයේ
සහය ඇතිව කුවියර්
ලෝකය පුරා යමින්
ෆොසිල එකතු කරා.
ඒ වගේම සොයාගන්නා
ෆොසිල අධ්යනයන්
සදහා ප්රංශයට
ලබාගත්තා. මේවා අද්යයනය කිරීමේ
මූලිකත්වය ගත්තේ කුවියර්.
1806 දී දකුණු ඇමරිකාවෙන්
ඔහුට හමුවනා මැස්ටඩෝන්
(mastodon) ලෙස හැදින්වූ විශාල සතෙකුගේ
ෆොසිලයක් . එහි
ස්වරූප දැනට ඒ
කලාපයේ සිටින ස්ලොත්
සත්වයට සමානයි. නමුත්
ඒ ආකාරයේ සත්වයින්
දැන් ලෝකයේ කොහෙවත්
දැකල තිබුන් නෑ. එමෙන්ම
ඒ ෆොසිල ස්ථරවල
අද නොපවතින ශාක
සහ සත්ව විශේෂ
වල අවශේෂ හමුවුනා.
ඒකිනෙකට වෙනස් ෆොසිල ලක්ෂණ
සහිත ස්ථර ඔහු
හදුනාගත්තා. මේ අනුව
ඔහු නිගමනය කරා
සත්ව විශේෂ වදවෙන්න පුලුවන්
කියල සම්පූර්ණයෙන්ම . එමෙන්ම
ෆොසිල ස්ථර වල විශාල පරතරයන්
තියෙන අවස්ථා තිබෙනවා
. මේවා විශාල න්යෂ්ථවීම් (extinction events) ලෙස හදුනාගත්තා.
කාලෙන් කාලෙට පැමිණෙන
මෙම ආකාරයේ විශාල
න්යෂ්ථවීම් නිසා
සත්වයින් වදවී ගොස්
නැවත අලුත් ආකාරයේ
ලක්ෂණ සහිත සත්වයින්
ඇතිවන බව ඔහු කීවා . මෙය
හැදින්නුවේ ව්යයසනවාදය
(catastrophism) ලෙස. ඒ අනුව
මැමත් වැනි විශාල
සත්වයින් මිහිමත වාසය
කර සම්පූර්ණයෙන්ම වදවී
ගිය බව හොයාගන්න
පුලුවන් වුනා.
විශාල
මුහුදු ජීවීන්ගේ ෆොසිල
වලින් ඔවුන් ආහාරයට
ගත් දේවල් වල
කොටස් , ෆොසිල කරණය
වූ මල පහ ආදීයෙන් ඒ පරිසර ස්වභාවය ගැන මුල්
අදහසක් සහිත චිත්රයක් 1830 දී Henry De la Beche නම්
පුරාවිද්යාත්නයා විසින් සකසනවා.
මෙය ඉතාම ඉහල
ගණයේ සිදුවීමක් කියන්න
පුලුවන් .
ස්කොට්ලන්ත
ජාතික චාලස් ලියෙල්
විසින් කූවර්ගේ ව්යසනවාදය විවේචනය කරමින්
කීවේ . විශාල ව්යසනයන් වලින්
සත්වයින් වදවීයාම නොව සත්වයින්
කෙමෙක් කෙමෙන් වද
වී යන අතරතුර
අලුත් සත්වයින් බිහිවන්නට
ඇතිබවයි . මෙය හැදින්නුවේ
ස්ථාවර තත්වවාදය (steady state theory) ලෙසයි.
දැනටමත්
පරිනාමවාදය සදහා මූලික
පියවරක් වැටී තිබුනේ.
මේ ආකාරයට සත්වයින්
වදවීම සහ අලුත්
ලක්ෂණ සහිත සත්වයින්
බිහිවීම සිදුවන ආකාරය
පැහැදිලි කරන්න අලුත්
න්යායක් අවශ්යව තිබුනා.
මේ
සංවාද ගැන උනන්දුවූ
චාල්ස් ඩාවින් සහ
ඇල්ෆ්රඩ් රස්ල්
වොල්ලස් එකිනෙකාගෙන් වෙන්න
ලෝකය වටා යාත්රා කරමින්
සත්වයින් සහ පරිසර
පද්ධතීන් අධ්යනය
කරා..
H.M.S Beagle නෞකාව 1831 දී වසර පහක දීර්ඝ
මුහුදු ගමනක් සදහා
එන්ගලතයෙන් පිටත් වුන
චල්ස් ඩාවින් සත්ව
විද්යාවන් ගැන
මෙන්ම භූගෝල විද්යාව ගැන
පවා අතිශයෙන්ම ඉහල
දැනුමකින් යුතු වුන
කෙනෙක්. ඔහු ඔප්පු
කරා සමහර දූපත්
භූතැටි වල චලනයන්
සහ ගිනිකඳු වල
ක්රීයාකාරීතවය නිසා
මහසාගරයෙන් ඉහලට පැන
නගිනවා කියල. මේ
දූපත් දැන් හදුන්වන්නේ
සාගර දූපත් ලෙස
( Oceanic Island ). හවායි දූපත මෙයට
උදාහරණයක් . ඔහු
දැක්කා මේ දූපත්
වල ඉහළම ස්ථාන
වල පවා සාගර
පතුලේ සිටින සත්වයින්ගේ
පැරණි ෆොසිල තිබෙන
බවට. මෙයින් මේ
දූපත් වල වයස නිගමනය කරන්න
පුලුවන් . මේ දූපත්
වල තවත් විශේෂ
ලක්ෂයක් තිබුනා ... ඒ
දූපත් වලට ආවේනික
කුරුල්ලන් , කෘමීන් සහ
ශාක විශේෂ ඉදියත්,
ඒවාට ආවේනික වුන
, ක්ෂීරපායින් , උරගයන් , උඹය ජීවීන්
සහ මිරිදිය මත්ස්යයින් සිටියේ
නෑ. මේ
දූපත් වල ඒ ජීවීන් බිහි
නොවුනෙ ඇයි කියන
එක මැවුම්වාදීන්ට උත්තර
දෙන්න බැරි ප්රශ්නයක් . ඔවුන්ට අනුව
ඒ සතුන්ට මේ
දූපත සුදුසු නෑ
කියන්න පුලුවන් . නමුත්
චාල්ස් ඩාවින් එයට
පරීක්ෂනයක් කරනවා. ඔහු
ඉන්දියානු මුගටියෙක් මේ දූපතට
නිදහස් කරනවා. සැබැවින්ම
එය ඒ සත්වයාට
හොද නවාතැනක් වුනා.
මේ
දූපත් පසුව ඇතිවුන
ඒවා නිසා මුහුදේ
ගසගෙන ආපු බීජ
, පියාඹාගෙන හෝ සුළගේ
ගසාගෙන ආපු කුරල්ලන්
සහ කෘමීන් ට
විතරයි මෙහි පැමිණිය
හැක්කේ. නමුත් ඔවුන්
දූපතට ළගම මහද්වීපයේ
සත්වයින්ට සමාන වුනත්
වෙනම සත්ව විශේෂ.
ඒ අය වෙන කොහෙන්වත් හම්බෙන්නේ නෑ.
ඒ කියන්නේ ඒ
සත්ව විශේෂයේ සියලුම
කුරුල්ලො හෝ කෘමීන්
මහද්වීපයේ ඉදන් මේ
දූපතට පියාඹලා ආවා
කියන එකද ?
එහෙම
වෙන්න විදියක් නෑ.
ඩාවින් ගමන් කල ගලපගොස් දූපත් සමූහයේ
එක් එක් දූපත්
වල ඒ දූපත් වලට ආවේනික
වෙනම කුරුල්ලන් ජීවීත්
වුනා. ඒ කුරුල්ලන්ගේ
ලක්ෂණ වලින් ඔවුන්
අයත් දූපත කියන්න
පුලුවන් . ඒ වගේම
ඒ කුරල්ලන්ට ඒ
ඒ දූපත් වල
තිබුන ලක්ෂණ වලට
හොදින් ගැලපෙන
ශරීර ලක්ෂණ තිබුනා
. ඩාවින් අධ්යනය
කරේ ෆින්ච් නම්
කුරුල්ලන් ප්රභේදය
. ඔවුන්ගේ හොටයේ හැඩය
ඒ දූපත්වල තිබෙන
ආහාර වලය ගැලපෙන
ලෙස සැකසිලා තිබුනේ.
ඒහෙනම් මහද්වීපයේ සිට
ඒ ඒ ගැලපෙන
ලක්ෂණ සහිත කුරුල්ලන්
ඒ ඒ දූපත් සොයාගෙන පැමිණියාද ?
එහෙම
නෙවෙයි මේ
දූපත් වලට මුලින්ම
පැමිණි එකම ජාතියක
චින්ච් කුරුල්ලන් කිහිප
දෙනෙක්ගෙන් ආරම්භ වුන
ප්රජාව ඒ ඒ දූපත්
සහ පරිසර ලක්ෂණ
සහිතව පරිනාමය වුනා.
මේක තමා චාල්ස්
ඩාවින්ගේ කේන්දීය තර්කය. මෙහෙම
වෙන්නේ කොහොමද කියන
එක තමා චාල්ස්
ඩාවින් "විශේෂයන්ගේ සම්භවය" (Origin of Species) ලෙස ඉදිරිපත්
කරේ.
අපි
හැමෝම දන්නේ චාල්ස්
ඩාවින් විතරයි වුනාට
මේ කාලෙම මේ
පරිනාමවාදයට දායක වුන
කෙනෙක් තමා ඇල්ෆ්ඩ්
රසල් වොල්ලස් . එයා
වේල්ස් වල දුප්පත්
පවුලක කෙනෙක්. කුඩා
කාලෙ ඉදන්ම කෘමි
සතුන් , කුරුල්ලන් සහ
පරිසරය ගැන ලොකු
සම්බන්ධයක් තිබුනා. ඒ නිසාම ඩාවින්ගේ අදහස් , සහ
ස්වභාවික විද්යාව
ගැන ස්වයං අද්යයනයෙන් ගොඩක් දේවල්
ඉගෙන ගෙන තිබුනා.
කාලයක් ගුරුවරයෙක් ලෙස
සේවය කරල ඔහු සහ ඔහුගේ
මිත්‍ර හෙන්රි
බෙට්ස් තීරණය කරා
සත්වයින්ගේ වෙනස් වීම
ගැන හොයන්න . ඔවුන්
තම වියදමෙන්ම දකුණු
ඇමරිකාවෙ , ඇමසන් වනාන්තරයේ
, ඇමසන් ගංගා ඉවුරු
වල සංචාරය කරා.
එහිදී විවිධ පරිසර
පද්ධති වල විවිධාකාර
ලක්ෂණ සහිත වදුරන්
සිටින බවට ඔහු නිරීක්ෂණය කරා. මේක
චාල්ස් ඩාවින් ෆින්ච්
කුරුල්ලන් ගැන කරපු
නිරීක්ෂණය වගේම තමා
. චාල්ස් ඩාවින්ගේ චාරිකාව වගේ
ඔහුගේ ගමන වාසනාවන්ත
විදියට නිමා වෙන්නේ
නෑ. ඔවුන් ආපහු
පැමිණි නෞකාව ගිනිගන්ත
නිසා ඔහු එකතු
කරපු නිදර්ශක සියල්ල
විනාශ වුනා. නමුත්
ඔවුන් නැවතත් මුල
සිට සිය ගවේෂණ
පටන් ගන්නවා. ඔවුන්
මෙවර යන්න්නේ ගිණිකොණදිග
ආසියාවේ රටවලට , ඉන්දුනීසියාව
, මැලේරියාව
සහ් සිංගප්පූරුව වගේ
රට වල සංචාරය
කරල අලුත් සත්ව
විශේෂ දහස් ගණනක්
හදුනාගන්නවා. ඔහු දකිනවා
විවිධ පරිසර කලාප,
මේ කලාප වෙන්
වන රේකා වලට
දැන් කියන්නේ 'වොල්ලස්
රේකා' කියල. ඒ ඒ විවිධ
පරිසර වල ඊටම අනුරූප වෙච්ච
සතුන් ඉන්නවා. මේ
සතුන් කොහොමද මේ
විදියට පරිසරයට අනුකූලව
හැඩගැසිලා ඉන්නේ කියන
එක තමා මූලිකම
ගැටලුව වුනේ.
චාල්ස්
ඩාවින් සහ ඇල්ෆ්රඩ් රසල්
වොල්ලස් දෙන්නටම වෙන
වෙනම එකම දේ තේරුම් යනවා.
මේ දෙන්නම අවසානයේ
එකම නිගමනයකට එනවා
ලෝකයේ කොන් දෙකක
ඉදන්. සාමාන්යයෙන්
ඕනිම වැදගත් විද්යාත්මක පරීෂණයක්
අඩුම තරමින් ආකාර
දෙකකට වෙන වෙන කණ්ඩායම් විසින් කරනවා
ඔවුන් එකම නිගමනයකට
එනවාද බලන්න. එහෙම
වෙනවා නම් එහි නිරවද්යතාව
ඉතා ඉහළයි කියල
තමා පිලිගන්නෙ .
ඔවුන් දෙදෙනාගේම
තිබුන සුවිශේෂ ලක්ෂයක්
තමා ඔවුන් දෙදෙනාම
හොද නිරීක්ශකයන් . සත්වයින්ගේ
සුලු සුලු වෙනස්
කම් පවා හොදින්
නිරීක්ෂණය කරන්න පුලුවන්
කමක් තිබුනා . සාමාන්යයෙන් කෙනෙක්
කුරුල්ලන් රංචුවක් දුටුවානම් ඒ
ඒ කුරුල්ලන් සතුව
තියෙන විශේෂ ලක්ෂණ
දකින්නේ නෑ. අපි දකින්නේ ඒ හැම කෙනෙකුම එක වගේ. නමුත් එහෙම
නෑ .. ඒක තමා ඒ අය
නිරීක්ෂණය කරපු සුවිශේෂ
දේ. එකම රංචුවක
කුරුල්ලන්ගෙ වුනත් එයාලගෙ
හොටය ගැන නිරීක්ෂණය
කරොත් එහි සුලු
සුලු වෙනස් කම්
සහිතව තමා ඔවුන්
ඉපදන්නේ . මේ වෙනස්
කම් ඔවුන්ගේ ළමයින්ටත්
උරුම වෙනවා. ඒක
මිනිස්සුන්ගේ වුනත් නිරීක්ෂණය
කරන්න පුලුවන් . සමහර
අවස්ථා වල සත්ව ලෝකයේ දී
මේ සුලු සුලු
වෙනස් කම් පවා තමන්ගෙ "නොනැසී පැවතීමට"
දායක වෙනවා. මේක
තමා ඩාවින් සහ
වොල්ලස් දෙන්නම පැමිණි
නිගමය. අවසානයේ පරිසරය
සමග ගැටුමේදී 'ස්වභාවක
වරණයට' ලක්වෙනවා. ඒ
අතරින් හොදම ලක්ෂණ
සහිත අය තමා ඉතුරු වෙන්නේ.
ඒ කියන්නේ ඒ
පරිසරයට ගැලපෙන අය
විතරකයි ඉතුරු වෙන්නේ.
ගලපගොස්
දූපත් වල උදාහරණයක් අරගෙන
අපි මේක තවත්
පැහැදිලි කරගමු. මේ
දූපතට මුලිම්ම ෆින්ච්
කුරුල්ලන් කුඩා රංචුවක්
එනවා. දූපතේ වෙනත්
විලෝපිතයන් නෑ , කෑමත්
බහුලව තියෙන නිසා
ඉතා ඉක්මනට මේ
අයගේ ගහනය වැඩි
වෙන්වා. ඒහෙම ජනග්රහණය වැඩි
වෙනකොට කෑම හිග වෙනවා. ඒ
නිසා කුරුල්ලන් අතර
කෑම සදහා තරගයක්
ඇතිවෙන්වා. මෙන්න මේක
තමා ස්වභාවික වර්ණය
(Natural Selection) කියන්නේ මේ තරගය
අතරතුර කලින් කීව
වගේ තනි
සතුන් තුල ඇතිවෙන
සුලු සුලු වෙනස්
කම් එක්කෝ වාසි
සහගත වෙන්වා , එක්කෝ
අවාසි සහගත දෙන්වා
, එක්කෝ කිසිම වාසියක්
හෝ අවාසියක් වෙන්නේ
නෑ. උදාහරණයක්
විදියට විශාල හොටක්
තිබීම වාසි සහගතයි
, කුඩා හොඩක් තිබීම
අවාසි සහගතයි . මේ
අයගෙන් අවාසි සහගත
ලක්ෂණ තියෙන අය
ඉක්මනට මැරෙනවා. ලොකු
හොටක් තියෙන කුරුල්ලන්ට
වාසි තියෙන නිසා
එයාල හොදින් ඒ
පරිසරයේ පවතිනවා. එයාල
බොහෝ සහකාරියන් ලබාගෙන
ප්රජනනය කරල
ඒ වාසි සහගත
ලක්ෂණ තියෙන ජනග්රහණයක් හදනවා.
කාලයත් එක්ක අර මුලින්ම දූපතට ආව
කුරුල්ලන් නොවේ දැන්
ඉන්නෙ එයාල වෙනස්
වෙලා. මහද්වීපයේ ඉන්න
එයාලගෙ පරන නෑයන්ට
වඩා දැන් අලුත්
පිරිස වෙනස් වෙලා.
මේ වෙනස් කම්
ඉදිරියට යන්න යන්න
ඔවුන් වෙනම විශේෂයක්
බවට පත් වෙනවා.
මෙන්න මේක තමා සත්වයන්ගේ ස්වභාවික හැඩගැසීම
පිටුපස තියෙන රහස
කියල චාල්ස් ඩාවින්
වගේම , රසල් වොල්ලස්
දෙන්නම හොයාගත්තා.
මෙයාලගෙ මේ නිගමනයකට
එන්න බලපෑවේ ජීවවිද්යාව විතරක්
නෙවෙයි , සමාජවිද්යාව සහ ආර්ථිකයේ සෑසිරීම් පවා
මේ ආකාරයේ ලක්ෂණ
පෙන්වනවා කියල ඔවුන්ට
අදහසක් තිබුනා .සමාජයේ
සීමිත සම්පත් ප්රමාණයක් වෙනුවෙන් එකිනෙකා
හූරාකමින් , තරග කරමින්
, ශක්තිවන්තයා විසින් දුර්වලයා
විනාශ කරමින් තමන්ගෙ
පැවැත්ම තහවුරු කරගැනීමම
තමා මේ අය ස්වභාවික වරණය තුලිනුත්
දැක්කේ.
ස්වභාවික
පරිසරය කියන්නේ බොහොම
ලස්සන , පවිත්රවත්
තැනක් නෙවෙයි . ඒක
බොහොම බිහිසුනු සහ
වියාකූල තැනක්. මේ
පරිසරයේ විලෝපිතයන්
, පරපෝෂිතයන් , විෂ දව්‍ය
, දේශගුණික , කාලගුණික විපර්යාස සහ
ස්වභාවික අනතුරු වැනි
බෝහෝ අර්බුදය තියෙනවා.
මේවාත් සමග තම පැවැත්ම උදෙසා තම
වර්ගයේ අය සමග තරග කරන්න
ඕනි. මේවාට මුහුණ
දෙන එක තමා ස්වභාවික වරණය කියන්නේ.
ඒ සත්වයින් අතරින්
වඩාත් වාසි සහගත
ලක්ෂණ සහිතව ඉපදෙන
අය ඉදිරියට යන්වා.
එයාල වැඩි වැඩියෙන්
ප්රජනනය කරල
ඒ ලක්ෂණ සහිත
ජනග්රහණයක් හදනවා.
ඒවැනි වෙනස් කම්
බොහෝ කාලයක් සිට
සිදුවීමෙන් මුල් අයට
වඩා වෙනස් විශේෂයක්
බවට නිතැතින්ම පත්වෙන්වා.
මෙසේ ලක්ෂණ වෙනස්
අලුත් සත්ව විශේෂයක්
බිහිවීම තමා speciation කියන්නේ.
ඩාවින්
සිතුවේ මේ දේට බොහෝ කාලයක්
ගත වෙනවා කියල.
ඇත්තටම එලෙස අලුත්
විශේෂ බිහිවෙන එක
බොහෝම කාලයක් ගත
වෙන දෙයක්. කුඩා
සතුන්ට පවා වසර සියයක් පමන
ගත වෙනවා. අපි
වගේ සතුන්ට වසර
ලක්ෂ ගණනක් ගත
වෙන්න පුලුවන් .නමුත්
ඩාවින් පවා නොසිතූ
විදියට අපෙ ඇස් පනාපිට මෙසල
ජීවී විශේෂ මතුවන
අවස්ථා මේ වෙනකොට
300කට වඩා නිරීක්ෂණය
කරල තියෙන්වා. ඒක
පරිනාමවාදයේ පුරෝකතන වලට ගැලපෙනවා.
ඒක ඇත්තටම පරිනාමවාදය
සත්යයි කියන්න
සාක්ෂි .
පරිනාමවාදය අදහස බිහිවීමට
පෙර සිටම පැවති
ෆොසිල වලට පැහැදිලි
පිලිතුරක් ලබාදෙන්න පුලුවන් වෙනවා.
ඒවායේ
වෙනස් කම් සහ ජීවී විශේෂ
න්යෂ්ථවීම පැහැදිලි
කරන්න පුලුවන් වුනා.
1859 චාල්ස් ඩාවින්
මේ අදහස ඉදිරිපත්
කිරීමෙන් පසුව විද්යාත්මක ලෝකය
කැලඹුනා. ඔහුගේ දේශන
වලදී දේවවාදීන් අපහාස
කරා . මේ සියල්ල
කෙසේ වුනත් වසර
ගණනාවක් ඔහු සහ වොල්ලස් ලෝකය වටෙන්ම
එකතු කරපු සාක්ෂි
නිසා විවෘත මනසක්
සහිත විද්යාත්මක
ප්රජාවට මෙය
ප්රතික්ෂේප කරන්න
බැරි වුනා. ඒ නිසා 1870 වනවිට අන්තර්ජාතික
වශයෙන් විද්යාත්මක
ප්රජාව විසින්
පරිනාමවාදය කරුණක් විදියට
පිලිගන්තා. අපි හිතනවටත්
වඩා සුලු කාලයකින්
ඇත්තටම මේ න්යාය මිනිස්සු
අතරට ගියා . යුරෝපයේ
දේශපාලන වෙනස් වෙමින්
පැවතියේ. ආගමික සහ
අදිරාජ්යාවාදී බල
අධිකාරීන්ට විරුද්ධව ජනතාව පෙරමුණ
ගත්තා. වහල් සේවය
තහනම් වෙමින් තිබුන
අතර , සුදු උත්තමවාදී
(White supremacy) අදහස් වලට විරුද්ධ
අලුත් විද්යාත්මක
අදහස් බිහිවුනා . ඒ
කාලේ යුරෝපයේ වඩාත්
ජනප්රිය අදහසක්
වුනේ ලෝකයේ එකිනෙකට
වෙනස් මිනිස් විශේෂ
15 ක් පමන සිටිනවා
කියල සහ ඒ අතරින් සුදු
ජාතීන් ඉහලින් සිටින
බව . නමුත් මේ
අදහස් චාල්ස් ඩාවින්
වගේ විද්යාත්නයින්
පිලිගත්තේ නෑ. අපි
සියල්ල අප්රිකානු සම්භවයක්
සහිත එක්ම හෝමෝ
සේපියන් විශේෂය ලෙසයි
පරිනාමවාදය තුල මිනිසාව
හැදින්නුවේ . ඒ වගේම
මිනිසා අප්රිකාවේ
බිහිවුනා කීමම ප්රභල මතවාදී
ප්රහාරයක් වුනා.
සත්‍ය සැමවිටම
තියෙන ඒ කාලයේ අධිපතිවාදී මතවාදත් සමග
ගැටෙමින් .
පරිනාමවාදය
එතනින් නවතින්නේ නෑ.
ඇත්තටම ඩාවින්ගේ මේ
අදහස සර්වසම්පූර්ණ නෑ.
එයාල කීවෙ නෑ කොහොමද සුවිශේෂ
ලක්ෂණ ඇතිවෙනේ කියල
. ඒ කාලයේ ප්රවේණි විද්යාවන් ගැන
දැනුම තිබුනේ ආරම්භක
අවස්ථාවේ. අපි බලමු
පසුව කොහොමද පරිනාමවාදය
තවත් දියුණු වුනේ
කියල.
ඩාවින් සහ
වොල්ලස් පරිනාමවාදය ගොඩනගනකොට
යුරෝපයේ වර්ථමාන චෙක්
ජනරජයේ සිටි ග්රෙගර් මැන්ඩෙල්
(Gregor Mandel) ප්රවේණිය
(genetics) සම්බන්ධයෙන් අලුත්
විද්යාවක් ගොඩනැගුවා.
ඔහු දෙමාපියන්ගේ ලක්ෂණ
ඊළග පරම්පරාවට යන
ආකාරය පිළිබඳව අදහසක්
ඉදිරිපත් කරා. එය
1865 දී ඉදිරිපත් කරත්
1901 වනතුරුම එයට නිසි
පිළිගැනීමක් ලැබුනේ නෑ.
නමුත් 1911 දී තෝමස්
හන්ට් මෝර්ගන් නම්
ඇමරිකානු විද්යාත්නයා
විසින් මැස්සන් යොදාගෙන
කරපු _ මැන්ඩෙලාගේ ප්රවේණිය පිළිබඳ
වාදයන් තවත් ඉදිරියට
අරන් ගියා. ඔහු
මැස්සන්ගේ ඇසේ වර්ණය
ඇතිවීම සම්න්ධයෙන් කරපු
පරීක්ෂනවලින් සොයාගත්තා ජාන වල අහඹු වෙනස්
වීම සිදුවීය හැකි
බව. එමෙන්ම ඒ
ඒ ලක්ෂණයට හේතුවන
ජානය ක්රෝමසෝමය
තුල පිහිටන ස්ථානය
නිවරදිව කියන්නත් පුලුවන්
වුනා . ඔහු " කෘතීම
වරණය " (Artificial
selection) මගින් මැස්සන්ගේ සුවිශේෂ ලක්ෂණ
සහිත ජනගහණයන් ඇතිකරා
.
1918 දී ඉංග්රීසි ජාතික
සංක්යායානය පිළිබඳ
විශේෂත්නයෙක් වුන රොනල්ඩ්
A. ෆිෂර් සහ ඉංග්රීසි ජාතික
විද්යාත්නයෙක් වුන
J.B.S හල්ඩේන් විසින් ජනගහන
ජාන විද්යාව
සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත්
කරා. ඔවුන් මෙන්ඩල්ගේ
ප්රවේණිය සහ
ස්වභාවික වරණය අතර
සම්න්ධය ගණිතමය වශයෙන් පෙන්නුවා.
එසේම 1920 දී ස්වභාවික
වරණය පිළිබඳව සැබෑ
සිදුවීම් ගණිතමය වශයෙන්
විශ්ලේෂණය කරා. ඔවුන්
නිගමනය කරේ ස්වභාවික
වරණය කලින් සිතා
සිටියාට වඩා ඉකමනින්
සිදුවිය හැකි බවයි.
කාර්මික විපලවට සමගේ
එංගලන්තයේ එක් සලඹ
විශේෂයක සිදුවූ ප්රසිද්ධ ස්වභාවික
වරණ සංසිද්ධිය ඔවුන්
ගණිතමය වශයෙන් තහවුරු
කරා.
https://en.m.wikipedia.org/wiki/Peppered_moth_evolution#:~:text=The%20evolution%20of%20the%20peppered,an%20example%20of%20industrial%20melanism.
මේ
නිසා පරිනාමවාදයට ජාන
විද්යාව සහ සංක්යානය
වැනි විශයන් සම්න්ධ
වුනා . පරිනාමවාදයට තව
දුරටත් සංකීර්ණ අංග
එකතුවීමට ඊළට අරම්භ
වුනා. මෙය හැදින්නුවේ
නවීන සංස්ලේෂණය (modern synthesis) ලෙස.
උඩ සදහන්
කරපු හන්ට් මෝගන්ගේ
ශිෂ්යයෙක් වුන
යුක්රේනියානු-ඇමරිකානු
ජාන විද්යාත්නයෙක්
වුන Theodosius Dobzhansky , මෝගන්ගේ පරීක්ෂන ඉදිරියට
අරන් ගියා. ඔහු
කරේ කැනඩාවේ සිට
මෙක්සිකෝව දක්වාම පරීක්ෂණයට
භාජන කල මැස්සන්
විශේෂයේ ජාන පරීෂා
කිරීම . එමගින් ඔහු
හොයාගත්තා විවිධ ඒ
එකම මැස්සන් විශේෂය
තුල ස්වභාවිකවම විවිධ ආකාරයේ
වෙනස් කම් සිදුවන
බව. එය ඩාවින්
විසින් පුරෝකතන කල
ආකාරයටම ඊළග පරන්පරාවන්ට
උරුම වන බව දැක්කා. මේ සිදුවන
ජාන වෙනස් කම්
හොද හෝ නරක වෙනවාට වඩා
උදාසීන බලපෑම් තියෙනවා.
මේ අනුව එකම
මැස්සන් විශේෂය වුනත්
එක් එක් එක් රට වල
විවිධ ජානමය වෙනස්
කම් සහිතව දකින්න
පුලුවන් . මේ මැස්සන්
ඒ ආකාරයේ වෙනත්
රටක මැස්සන් සමග
ප්රජනනය කරන්න
උනන්දු වෙන්නේ නෑ.
මේ අනුව ඔහු
කල්පානා කරා මේ අය එකම
විශේෂය ලෙස සැලකුවාට
වෙනස් අයද කියන
එක. මේ නිරීක්ෂණ
අනුව ඔහු අලුත්
ජීවී විශේෂ බිහිවීම
ගැන ජාන විද්යාත්මක න්යායක් ඉදිරිපත්
කරනවා. 1937 දී " ජාන විද්යාව සහ
විශේෂයන්ගේ සම්භවය " ලෙස පොතකින් ඔහුගේ අදහස්
ඉදිරිපත් කරනවා. මෙය
පරිනාමවාදයේ ඊලග පියවරක්
කියන්න පුලුවන් .
ඔහුගේ අදහස
වුනේ මේකයි. ඕනිම
සත්ව ගහණයක් තුල
ජාන විකෘතීන් (mutations) ස්වභාවිකවම
වෙනවා . ඒ විකෘතීන්
වාසි සහගත නම්
හෝ උදාසීනයි නම්
(අවාසිදායක නැතිනම්) සහ එම සත්ව ගහණය
එම විශේෂයේම අනික්
ගහණයන්ගෙන් ඈත් වෙලා
හුදකලාවක ඉන්නවානම් මේ වෙනස්
කම් කාලාන්තරයක් තිස්සේ
එක ගහණය තුලම
දිගටම තියෙනවා . එසේම
අලුත් විකෘතින් නැවත
නැවත ස්වභාවිකවම ඇතිවෙලා
ඒ ගහණය තුල
පැතිරිලා යනවා. ඒ
සතුන් අනිත් ගහණයන්
ගෙන් ඈත්ව සිටින
නිසා කාලයත් සමග
ඔවුන් ජානමය වශයෙන්
වෙනස් වෙනවා . සැලකියයුතු
කාලයක් ගතවුනාට පස්සේ
මේ ගහණයට ඉන්
පිට ඉන්න අය සමග එක්තුවෙලා
සරු ජනිතයන් බිහි
කරන්න බැරිව යනවා.
ඒ කියන්නේ ඔවුන්
වෙනම සත්ව විශේෂයක්
බවට පත් වෙනවා.
මේ කාලයේ
දී කළල විද්යාව , ජාන
විද්යාව සහ පරිසර
විද්යාවන් ගැන
අලුත් අදහස් ගොඩ
නැගෙමින් තිබුනා . ඇමරිකානු ජාන
විද්යාත්නයෙක් වුන
ස්වෙල් රයිට් විසින්
ජාන ප්ලාවිතාව ( Gentic drift ) සොයාගත්තා. කුඩා
සත්ව ගහණයක තිබෙන
සමහර ජාන ලක්ෂණ
මතුවීමේ ප්රවණතාවය
අහඹුලෙස වෙනස් වන
බව ඔහු එයින්
අදහස් කරනවා. ඒ
වගේම " ජාන ප්රවාහය " (Gene flow) , සත්වයින්ගේ සංක්රමණ
නිසා සිදුවන ජාන
මුසුවීම් සහ 1940 දී Ernest Mayr ගේ
සත්ව විශේෂයක් සම්බන්ධයෙන්
අලුත් නිර්වචනයන් වගේ
අදහස් නිසා පරිනාමවාදයට
තවත් එකතුවෙන්න ඕනි
දේවල් තිබුනා . මේ
අඩුපාඩුත් එකතු කරමින්
බ්‍රිතාන්‍ය
ජාතික Julian Huxley විසින් පරිනාමයේ
නවීන සංස්ලේෂණය ( Modern Synthesis of Evolution ) අදහස 1942 දී ස්තාපනය
කරා. මෙය Neo-Darwinism හෙවත්
නව ඩාඩාවින්වාදය ලෙසත්
හදුන්වනවා. Juliam Huxley ගේ සීයා
චාල්ස් ඩාවින්ගේ හොදම
මිතුරෙක් , පරිනාමවාදය ගැන අදහස්
මුලින්ම ස්ථානය කරන
කොටත් ඔහු ඩාවින්
සමග සිටියා . එකල
ඔහුව හැදින්නුවේ ඩාවින්ගේ
දඩබල්ලා ලෙස. ඉතා
ප්රසිද්ධ Brave new world ග්රන්ථ රචනා
කල Aldous Huxley යනු Julian Huxley ගේ මල්ලීයි.
සමහරු මෙම
අලුත් ප්රවාදය
ඩාවින්ගේ පරිනාමවාදයේ බිදවැටීමක් කියල
පෙන්වන්න උත්සහ කරනවා
, එහෙම නෑ. ඩාවින්ගේ
කාලයේ ජාන විද්යාව හෝ
, ජනග්රහණ විද්යාව , සංක්යාණය වැනි
විෂයන් ගැන කිසිම
දැනුමක් තිබුනේ නෑ
. අපු කාලීනව ගොඩ
නැගුණ මේ විශයන්
වලින් සත්වයින්ගේ පරිනාමය තහවුරු වෙනවා
වගේම ඒය සිදුවන
ආකාරය ගැන ඩාවින්
ඉදිරිපත් කරාටත් වඩා
විශාල ලෙස පැහැදිලි
කිරීම් එකතුවුනා. මේ
සොයාගැනීම් එකතු කිරීම
හෙවත් සංස්ලේෂණය තමා
මේ අලුත් ප්රවාදයෙන් සිද්ධ වුනේ.
එයින් අපිට පරිනාමය
ගැන තව විශාල
චිත්රයක් ඇතිවෙනවා.
මේකට පසුත්
විශේෂකරණය (speciation) ගැන සොයාගැනීම් , DNA ආකෘතිය
සොයාගැනීම , සමාජවිද්යාත්මක අදහස්
වන සමාජජීව විද්යාව
, උද්භිත විද්යාත්මක
සොයාගැනීම් , කළල විද්යාව සහ
ක්ෂුද්රජීව විද්යාව
වැනි විශය පතයන්
වල සිදුවූ දියුණවත්
එක්ක පරිනාමවාදයට තව
තව විස්තර එකතු
වෙන්වා. ඒවා සමග මිනිසා පරිනාමය
වුනා කියන තහවුරු
කිරීම තව තව වැඩි වෙන්වා.
කවුරු හරි කීවොත්
ඩාවින්ගේ වාදය දැන්
පිළිගන්නේ නෑ කියල
ඒක සම්පූර්ණයෙන්ම වැරදි
නෑ. නමුත් දැන්
ඩාවින්ටත් වඩා ප්රභල විදියට
සත්වයින් කාලයත් සමග
වෙනස් වන්වා කියල
පිලිගන්නවා , එය කරුණක්
විදියට ස්ථාපනය වෙලා
තියෙන්නේ.
අපි බලමු
මේ අලුත් දැනුමින්
පරිනාමය ගැන කියන
අදහස මොකක්ද කියල.
මුලින්ම බලමු
සත්ව විශේෂයක් (species) කියන්නේ
මොකක්ද කියල . අපි
පරිසරය නිරීක්ෂණය කරනකොට
අපි එක එක ආකාරයේ සත්වයින්
දකිනවා. ලේන්නු ගත්තොත්
එක සමාන ලක්ෂණ
තියෙන්වා. ඒ සත්වයින්
හදුනාගැනීමට විවිධ ලක්ෂණ
තියෙනවා . දඩුලේනා
සහ සාමාන්‍ය
ලේනා වෙන් කරල
හදුනාගන්න පුලුවන් . ඒ මේ අය වෙනම
සත්ව විශේෂයක් නිසා.
නමුත් විද්යාත්මකව
ගත්තොත් සත්ව විශේෂයක්
කියන්නේ එකිනෙකා අතර
ප්රජනනයෙන් සරු
ජනිතයන් (offsprings) බිහි කරන්න
පුලුවන් සත්ව කාණ්ඩයකට
. මේ බිහිකරන්න පැටව්න්ට
දෙමාපියන්ගේ ලක්ෂණ හිමිවෙනවා.
නමුත් පරිසරය හොදින්ම
අද්යයනය කරන
කෙනෙකුට තේරෙනවා මේ
එක් එක් සත්වයා
එකිනෙකට වෙනස් බව.
අපිට ලේනුන් සියල්ල
එක වගේ පෙනුනට
ඇත්තටම නම් ඒ එක් එක්
ලේනන්ගෙ සුවිශේෂ ලක්ෂණ
තියෙන්ව. එකම පවුලක
ළමයින් වුනත් වෙනස්
ලක්ෂණ තියෙනවා නිවුන්නුන්ගේ
හැරෙන්නට . මෙහෙම වෙනස්
කම් ඇති වෙන්නේ
කොහොමද ? එහෙම වෙන්න
බලපාන කරුණු මොනවද
කියා ඩාවින් දැනන්
සිටියේ නැතත් අදවනවිට
ජාන විද්යාවේන්
එයට පිලිතුරක් දීල
තියෙනවා. සියලුම
සතකුගේම සයිල තුල
න්යෂ්ටියේ ක්රෝමසෝම පිහිටනවා
. ඒවා තුල තිබෙන්නේ
DNA . එම DNA වලින් සැකසුන
කොටස් වලට ජාන කියල කියනවා
. මේවා තමා අපේ ලක්ෂණ පාලනය
කරන්නේ. අපේ ශරීරය
සැකසීමට අවශ්‍ය සියලුම ප්රෝටීන ආදිය
සකසන්නේ මේවා මගින්
. මේ අනුව සුවිශේෂ
ලක්ෂණ සහ වෙනස්
කම් සහිතව එක්
එක් සත්වයින් බිහිවීමට
හේතු මේ ජානවලට
සම්බන්ධයි. ඒසේ වීමට
සෑම සතෙකුටම පොදුවේ
1 - ජාන මුසුවීම
2 - ජාන විකෘති
3 - දෙමුහුන් කරණය
4 - ජාන ප්ලාවිතාව
යන
කරුණු බලපානව . මේවා
වැඩිවශයෙන් සිදුවෙමින් හොද පැටවුන්
බිහිවෙනවා .
ජාන
මුසුවීම (Recombination)
මෙය
තමා ඇත්තටම ප්රධානම හේතුව
එක් එක් සත්වයා
වෙනස් ලක්ෂණ සහිතව
ඉපදීමට . ප්රජනන
ක්රියාවලියේදී ජාන
මුසුවන අවස්ථා දෙකක්
තියෙනවා. පළමුව, ජම්මානු
සැකසීමේදි මවගේ සහ
පියාගේ ජාන වලින්
අහඹුලෙස 50% ක් ගෙන
තමා ජම්මානු සැකසෙන්නේ.
ජම්මානු යනු ශුක්රාණු සහ
ඩිම්බයන් . මෙතනදි ජම්මානු
සැකසෙනකොට ඒ සතාගේ
සයිලයේ ඇති දෙමාපියන්ගේ
ක්රෝමසෝම යුගලක්
එකිනෙකට සම්බන්ධවන නිසා
ඒවා අතර ජාන හුවමාරු වෙනවා . ඒවා
නැවත බෙදිලා තමා
ජම්මානු වලට ලැබෙන්නේ
. කෙනෙකුගේ ජම්මානු තුල මගේ මවගේ සහ
පියාගේ ජාන කලවම්
වුන ක්රෝමසෝම
තියෙන්වා. මේ නිසා
ඒ තුලින් පැටවුන්ගේ
වෙනස් ලක්ෂණ ඇතිකරගන්න
පුලුවන් .
ඊලගට
ශුක්රාණු සහ ඩිම්බයක් සංසේචනට වනකොට
ඒ දෙක අතර තියෙන ජාන
හුවමාරු වෙනවා. ඒ
කියන්නේ කෙනෙකුගේ එක්
ක්රෝමසෝමයක මව
සහ පියාගේ ජාන
මුසුවෙලා තියෙනවා. මේ නිසා ඒ කෙනාට
සුවිශේෂ ලක්ෂණ ලැබෙනවා. මේ
නිසා වෙනස්
වෙනස් ලක්ෂණ සහිත
සත්වයින් ඇතිවෙනවා.
ජාන
විකෘතිය (mutation)
මෙහිදී
භාහිර හා පාරිසරික
හේතු, රෝගී තත්වයන්
නිසා ජාන වල වල වෙනස්
කම් වෙන්න පුලුවන්
. ඒ වගේම සයිල
බෙදීමේදී DNA පිටපත් වෙනකොට
සුලු සුලු අඩුපාඩු
හෝ වෙනස් කම්
සහිතව පිටපත් වන
නිසත් මෙලෙස විකෘති
ඇතිවෙනවා. මේවා සමහර
අවස්ථා වලදී භයානක
රොග , පිළිකා වැනි
නරක ප්රතිඵල
වුනත් ගෙන දෙනවා.
ඒ වගේම කලාතුරකින්
හොද ලක්ෂණ පවා
ඇතිකරන්න පුලුවන් . ඇසේ වර්ණය
වෙනස් වීම, ශක්තිමත්
ප්රතිශක්තිකරණ පද්ධතියක්
ඇතිවීම වගේ දේවල්
වුනත් වෙන්න පුලුවන්
.
ජාන
විකෘතියක් ප්රවේණියෙන්
ඊළග පරම්පරාව වෙත
යන්න නම් ඒවා අපේ ජම්මානු
වල සිද්ධ වෙන්න
ඕනි . විකිරණශීලීතාවය කියන්නේ
එවැනි විකෘතීන් සිදුවීමට
බලපාන කාරණයක් . හිරෝෂිමා
සහ නාගසාකි න්යෂ්ටික ව්යයසන වලින්
පස්සේ ඒ ප්රදේශ වල
ඉපදුන ළමයින් ගේ
ස්වරූපය ඉතාම විකෘති
වෙලා තියෙන්වා දකින්න
පුලුවන් මේ නිසා.
විකිණ නිසා DNA ව්යුහය හානිවන
නිසා තමා මෙය වෙන්නේ. X Ray ලබාගැනීමේදී
ලිංගික ප්රදේශ ඊයම් තහඩුවකින්
ආවරණය කරන්න කියන්නේ
මේ නිසාම තමා
.
ජාන
ප්ලාවිතාව (Genetic drift)
ජාන
ප්ලාවිතාව කියන්නේත් පාරිසරික හේතුන්
මත සුදුවන දෙයක්.
මෙහිදී
කුඩා
සත්ව ගහණයක තිබෙන
සමහර ජාන ලක්ෂණ
මතුවීමේ ප්රවණතාවය
අහඹුලෙස වෙනස් වනවා.
සමහර අවස්ථා වල
සමහර ලක්ෂණ සම්පූර්ණයෙන්ම
නැති වෙන්ම පුලුවන්
. වසංගත රෝග , වයිරස්
ආසාදන වගේ දේවල්
බලපෑම මෙයට බලපානව.
දෙමුහුන්කරණය
(Hybridization)
මෙය
බොහොම සංකීර්ණ කොටසක්
. දෙමුහුන්කරණය වෙනවා කියන්නේ
සත්ව විශේෂ දෙකක්
හෝ උප විශේෂ
දෙකක් අන්තර් අභිජනනය
කිරීමෙන් පැටවුන් බිහිවීම . බොහෝ
අවස්ථා වල සත්ව විශේෂයන් අභිජනනය කරන
ආකාරය වෙනස් නිසා
සත්ව විශේෂ එලෙස
මුසු වෙන්නේ නෑ.
නමුත් සමාන ලක්ෂණ
සහිත සතුන් එලෙස
මුසුවෙන අවස්ථා තියෙනවා.
මෙය ක්ෂීරපායින් අතර
වැඩිපුර දකින්න තියෙන
දෙයක් කියල විද්යාත්නයින් කියන්වා. උදාහරණයක්
විදියට පිරිමි බූරුවෙක්
සහ ගැහුණු අශ්වයෙක්
එකතුවෙලා කොටලුවන් බිහිවෙනවා. මේ
ජාන විවිධත්වය නිසා
මේ සත්වයා බොහොම
ශක්තිමත් . නමුත් බූරුවන්ගේ
සහ අශ්වයින්ගේ ක්රෝමසෝම ගනන
වෙනස් නිසා කොටලුවන්ට
ප්රජනනය කරල
පැටවුන් බිහි කරන්න
බෑ.
සමහර සතුන්
එකතුවුනාට පැටවුන් බිහිවීමක් පවා
සිදුවෙන්නේ නෑ. දෙමුහුන්කරණයක්
වෙන්න නම් ජාන අතින් යම්
පමනක හරි සමාන
කමක් තියෙන්න ඕනි.
එසේම සමහර අවස්ථා
වල විශාල කළලයක්
පමනක් බිහිවෙලා ඒ
නිසා මව මියයන්න
පුලුවන් . නමුත් කලාතුරකින්
සමහර සත්ව විශේෂ
අතර තිබුන සමාන
කම් නිසා සරු
ජනිතයන් බිහිවෙනවා. හොදම
උදාහරණයක් තමා පිරිමි
සිංහයෙක් සහ ගැහැණු
කොටියෙක් එකතුවෙලා ලයිගර් (Liger) පැටවුන්
බිහිවෙනවා. ඒ සත්වයාට
පුලුවන් තවත් ලයිගර්
කනෙක් සමග, කොටියෙක්
හො , සිංහයෙක් සමහ
එකතුවෙලා සරු පැටවුන්
බිහිකරන්න. මේ කියන්මේ
පරම්පරාවක් පවත්වාගෙන යන්න පුලුවන්
. ඒ අනුව ලයිගර්
සත්වයා කොටියන් සමග
එකතුවුනොත් වැඩිවශයෙන් කොටියන්ගේ ලක්ෂණ
සහිත පැටවුන් බිහිවෙනවා.
නමුත් පරම්පරා ගණනාවක්
යනතුරු සිංහයන්ගේ ලක්ෂණ
සහ ජාන පවතිනවා.
මේ තුලිනුත් සමහර
සුවිශේෂ ලක්ෂණ සත්වයින්ට
හිමිවෙනවා.
සිංහයන්
පමණක් නෙවෙයි . හෝමෝ
සේපියන් වරු පවා එක්තරා ආකාරයකට
දෙමුහුන් . මේ පිටසක්වල
ජාන එක්ක දෙමුහුන්
වන අවස්ථාවක් නෙවෙයි
. අපි අතීතයේ දී
නියන්ඩතාල් සහ ඩෙනසෝවන්
කියන මානවයන් සමග
මිශ්රවෙලා තියෙන
නිසා ඒ ජාන අපතුල පවතිනවා
. ඒ ජාන සමහර
අවස්ථා වල අපගේ සුවිශේෂ ලක්ෂයන් සදහා
හේතුවෙනවා. අප්රිකාවේන්
පිට සියලුම දෙනාට
නියන්ඩතාල් ජාන 2% පමන
තියෙනවා. ඒ වගේම
නැගෙනහිර සහ ගිණිකොණ
දිග ආසියාවන්ට 5% පමණ
ඩෙනසෝවන් මානව ජාන
තියෙනවා. ඔවුන් පවා
අන්තර් අභිජනනය කර
ඇතිබවට සාක්ෂි තියෙනවා.
මේ
දෙමුහුන්කරණය නිසා අපට
සමහර ලක්ෂණ ලැබෙනවා.
නියන්ඩතාල් මානවයින්ගෙන් අපගේ ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්
කරගන්න අදාල ජාන
ලැබී ඇති බව හොයාගෙන තියෙනවා. ඒ
වගේම ටිබෙට් සහ
හිමාල වැසියන්ට උස්
කදුවල පහසුවෙම් හුස්ම
ගැනීමට හැකිලෙස විශාල
පෙනහලු ලැබුනේ ඩෙනසෝවන්
මානවයින්ගෙන් බව සොයාගෙන
තියෙනවා.
හරි සත්වයින්ට
සුවිශේෂ ලක්ෂණ ලැබෙන
විදිය අපි කතා කරානෙ, මෙය
තවදුරටත් පරිනාමයට බලපානේ කොහොමද
කියල හොයල බලමු
. මෙම සුවිශේෂ ලක්ෂණ
එක්කෝ වාසිදායක වෙනවා
, එක්කෝ උදාසීනයි එහෙම
නැත්නම් අවාසි දායකයි.
සාමාන්යයෙන් සෑම
සත්වයෙක්ම ජීවිතය කාලය
තුල උත්සහ කරන්නේ
හැකිතරම් පැටවුන් බිහිකරන්න . මෙසේ
කරාම විවිධත්වයක් සහිත
ගහණයක් ඇතිවෙනවා. ඒ
තුල ඉන්න සත්වයින්ට
විවිධ ආකාරයේ ලක්ෂණ
සහිතයි. සමහර ඒවා
බොහෝ වාසි දායකයි
. ඒ අය හොදින්
රැකිල ඉන්නවා . එයාල
තමා වැඩිපුර පැටවුන්
බිහිකරන්නේ. ඒ වගේම
සමහර පැටවුන් ඉක්මනට
මිය යනවා .මේහෙම
වෙන්නේ දුර්වල ජාන
නිසා. ලංකාවෙ
පැරණි පවුල් ගැන
පොඩ්ඩක් හොයල බැලුවොත්
මේක දැකගන්න පුලුවන්
. ඉස්සර ගමක එක පවුල් ළමයින්
15ක් පමන සිටියා
. මගේ අම්මාගේ පවුලේ
ළමයින් 13 ක් සිටියා.
ඒ අයගෙන දෙන්නෙක්
විතර ද රෝගී වෙලා කුඩා
කාලයේදීම මිය ගිහින්
තිබෙනවා . ඒ වගේම
ඉහලපෙලේ ව්යාපාරයකයෙක්
පවා ඉන්නවා . නමුත්
වැඩි දෙනෙක් සාමාන්‍ය පරිදි
ජීවත් වෙනවා. මිනිස්සුන්ගේ
නම් මෙය සම්පූර්ණයෙන්ම
ජාන නිසාම සිදුවන
දෙයක් නෙවෙයි . නමුත්
මෙය හා සාමානව
තමා සත්ව ලෝකයේත්
ජානවල බලපැම තිබෙන්නේ.
මෙලෙස වාසිදායක ලක්ෂණ
නිසා පරිසරයේ පහසුවෙන්
ජීවත්වීමට හැකිවීම තමා ස්වභාවික
වරණට (Natural selection) කියල කියන්නේ.
ස්වභාවික
පරිසරයේ ඇති අභියෝග
වලට මුහුණ දෙන්න
හැකි ලක්ෂණ සහිතව
බිහිවෙන සත්වයින් වැඩි
කාලයක් හොදින් ජීවත්
වීම අනිවාර්යයෙන්ම සිදුවෙන
දෙයක්. මේ නිසා ඒ සත්වයින්
අනිත් අයට වඩා පැටවුන් ජීවිත කාලය
තුල බිහිකරනවා. මේ
නිසා අර වාසි සහගත ලක්ෂණට
ඊළග පරම්පරාවටත් උරුම
වෙනවා. ජාන විද්යාත්නයින් පෙන්වා දෙන
ආකරයට එය මගින්
කාලයත් සමග සම්පූර්ණ
ජනගහණයක්ම පවා වෙනස්
කරන්න පුලුවන් . ඒ
වගේම ඒ නිසා එම ජනග්රහණය කලින්
සිටියාට වඩා එම පරිසරයට අනුගත වෙනවා.
මෙවැනි සුලු සුලු
වෙනස් වීම විශාල
ප්රමාණයක් කාලයත්
සමග සිදුවීමෙන් මුලදී
සිටියාට වඩා හැඩ ගැසුන සත්වයින්
පසුව ඇතිවෙනවා. අවුරුදු
මිලියනය ගානක පරතරයක්
සහිතව බැලුවොත් ඒ
අය වෙනම විශේෂ
ලෙස හදුන්වන්න පුලුවන්
.
මේ ප්රතිවියේ ස්වභාවය නම්
එය සෑම විටම
වෙනස් වෙනවා. පෘතිවියේ
භූතැටි චලනය වෙනවා
නිරන්තරයෙන්ම . අපිට නොපෙනෙන
තරම් වේගයෙන් . ඒ
වගේම කාලගුණික සහ
දේශගුණික විපර්යාස සිද්ධවෙනවා. මේ
සියල්ල නිසා පරිසර
තත්ව වෙනස් වෙනවා.
මේ වෙනස් වෙන
පරිසරයන්ගේ නොනැසී ජීවත්
වීමට නම් සත්වයන්ද
වෙනස් වෙන්න ඕනි.
එසේ වෙනස් වීම්
බොහෝ සෙමින් සිදුවන
නිසා සහ එය අහඹුවන නිසා
සමහර සත්වයින් එම
පරිසරයන්ට අනුව හැඩ
ගැසෙන්නේ නෑ. ඇත්තටම
මිහිමත ජීවත්වුන සාතිශය
බහුතරයක් සත්වයින් එසේ හැඩගැසෙන්න
නොහැකිව වදවෙලා ගියා
. ඒ ගැන සාක්ෂි
ෆොසිල ලෙස අද අපිට හම්බෙනවා.
අද වනවිටත් කාලගුණ
විපර්යාස වල බලපැම
නිසා 2020 දී සත්ව විශේෂ
15ක් සම්පූර්ණයෙන්ම වදවෙලා
ගිහින් තියෙනවා.
නමුත් අලුත්
සත්ව විශේෂ බිහිවීමත්
(Speciation) පරිනාමයටම අදාල කොටසක්
. කාලයක් එක සතෙක්
ලෙස සිටි සත්වයන්
පසුව විශේෂ දෙකක්
බවට පරිනාමය වෙනවා.
උදාහරණයක් විදියට මීට
වසර මිලියන 7කට
පමණ ඉහතදී චිම්පන්සින්
සහ නූතන මිනිසා
යනු එකම සත්ව
කොටසක් මේ කොටස පොදු පූජ්වජයින්
(Commom Ancestors) ලෙස හදුන්වනවා. මෙලෙස සත්ව
විශේෂ ඇතිවීමේ ක්රමවේදයක් සහ යාන්ත්රණයක් ගැනත්
සංකීර්ණ විද්යාත්මක
ප්රවාදයක් තියෙනවා.
මේවා බොහෝමයක් විද්යාත්මක දියුණුවත්
සමග පරිනාමවාදය එක්තුවුන
දේවල්. මෙය තවදුරටත්
සත්වයින්ගේ ස්වභාවය කාලයත් සමග
වෙනස් වනවා කියල
තහවුරු කරනවා.
එක් සත්ව
විශේෂයක් තුලින් තව
අලුත් විශේෂයක් බිහිවීමට
නම් මුලින්ම ඒ
විශේෂයේ කණ්ඩායම් දෙයක් අතර
ප්රජනක හුදකලාවක්
(Reproductive Isolation) තිබිය යුතුයි . ඒ කියන්නේ
ඒ කණ්ඩායම් දෙක
අතර ප්රජණනය
කිරීමට භාදාවක් හෝ
ප්රජනනයේ අසාර්ථක
භාවයක් තියෙන්න ඕනි.
මේකේ ආකාර දෙකක්
තියෙනවා .
1)පසු
යුක්තානු හුදකලාව (Post-zygotic Isolation)
2)පෙර යුක්තානු
හුදකලාව (Pre-zygotic Isolation)
පසු
යුක්තානු හුදකලාව
මෙයින්
අදහස් කරනේ මේ කණ්ඩායම් දෙක අතර ලිංගික සම්බන්ධයකින්
යුක්තානු නිපදවුනාට පස්සේ එය
අසාර්ථක වීම. ස්වභාවකවම
ගබ්සාවීම , හෝ කළලයක්
බිහි නොවීම
වෙන්න පුලුවන් . එහෙනම්
නැත්නම් ගර්භය නිසා
මව මිය යෑම වෙන්න පුලුවන්
. තවත් දෙයක් නම්
බිහිවෙම පැටවා නිසරු
හෙවත් පැටවුන් බිහිකල
නොහැකි අය වෙන්න
පුලුවන් . මේවගේ
දේවල් ජාන විකෘති
නිසා ඇතිවෙන්න පුලුවන්
තත්වයන්. මේ නිසා
ඒ කණ්ඩායම් දෙක
අතර ජාන ගලායෑමක්
වෙන්නේ නෑ. අර කලින් පැහැදිලි
කරපු නිරන්තරයෙන්ම
සිද්ධ වෙන ජානමය
වෙනස්කම් සහ අලුත්
ලක්ෂණ ඇතිවීම මේ
කණ්ඩායම් දෙක අතර
හුවමාරු වෙන්නේ නෑ.
එතකොට ඔවුන්ගේ ලක්ෂණවල
වෙනසක් දකින්න පුලුවන්
වෙනවා.
පෙර
යුක්තානු හුදකලාව
මෙය
තමා බොහෝ අවස්ථා
වල මූලිකවම සිදුවන
දේ. මෙයින් අදහස්
වෙන්නේ කණ්ඩායම් දෙකක්
අතර අභිජනනයක් සිදු
වීම වැලකීමට පරිසර
තවත්වයන් සැකසීම .
මෙයට
අදාලව ප්රදාන විදි හතරකින්
සත්වයන් විශේෂකරණය (Speciation) වීම
සිදුවෙනවා.
1) Allopatric speciation
2) Sympatric speciation
3) Peripatric speciation
4) Parapatric speciation
Allopatric speciation
මෙයින්
අදහස් වෙන්නේ මේ
කාණ්ඩ දෙක භූගෝලීයව
එක් වෙන්න බැරිව
බෙදීයෑමක් ගැන. ගගකින්
හෝ කදුපන්තියකින් වෙන්වීම
, භූතැටි වල චලනය
නිසා දූපත් වශයෙන්
වෙන්වීම , මහද්වීපික බෙදීම වැනි
සිදුවීම් නිසා සත්ව
විශේෂයක් වෙනත් විශේෂයක්
බවට පත්විය හැකියි.
හොදම උදාහරණයක් තමා
ඔස්ට්රේලියානු මහද්වීපයේ
ඇති සත්ව විශේෂ
. එහි ඇති බොහෝ
සතුන් ලෝකයේ අනිත්
පැතිවලින් දකින්න බෑ.
ඒ වගේම විශාල
ජයිව විවිධත්වයක් එහි
තිබෙනවා . ඔස්ට්රේලියාව
ගොඩබිම් මාර්ගවලින් ලගාවිය
නොහැකිවීම නිසා ජාන
හුවමාරු වෙන්නෙ නැති
නිසා කාලයත් සමග
එක සතුන් වෙනත්
ලක්ෂණ සහිතව හැඩගැසෙනවා.
ඒ වගේම සැලකියයුතු
කාලයකට පස්සේ ඒ අය වෙනත්
සත්ව විශේෂයක් වෙනවා.
ගැලපගොස් දූපත් වලත්
සුදුවුනේ මේ ආකාරයේ
සිදුවීමක්.
Sympatric speciation
භූගෝලීය නොවන
වෙනස් කම් ඔස්සේ
සිදුවන හුදකලාවන් මෙයින්
අදහස් වෙනවා. හැසිරීම්
රටාවල සිදුවන වෙනස්
කම් , ප්රජනනයට
බාදාවීම් වැනි දේවල්
මෙයට හේතුවෙන්න පුලුවන්
. උදාහරණයක් විදියට කුරුල්ලන්
අභිජනනය සදහා යොදාගන්නා
හඩේ වෙනස් කම්
සිදුවීම . එනම් සාමාන්යයෙන් කුරුල්ලන්
විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය
කරගැනීමට ඔවුන්ගේ හඩ යොදාගන්නවා.
මේ හඩේ ඇතිවන
වෙනස්කමක් නිසා එම
යම් බෙදීමක් සිදුවෙන්න
පුලුවන් . ඒ වගේම
එක් කණ්ඩායමක් දිවාකාලයේ
හැසිරීමටත් අනික රාත්රී කාලයේ
හැසිරීමටත් හුරු වුනොත්
යම් බෙදීමක් ඇති
වෙනවා.
මේ ආකාරයේ
විශේෂකරණයක් ගැන හොදම
උදාහරණයක් ගලපගොස් දූපත් වලින්
හමුවෙනවා. පීටර් ග්රැන්ට් සහ
රෝස්මෙරි ග්රැන්ට්
යුවල 1970 දී සිට
ගලපගොස් දූපත් සමූහයේ
ඩැෆ්නි මේජර් දූපතේ
ෆින්ච් කුරුල්ලන්ගේ හැසිරීම්
ගැන පරීක්ෂන කරා.
ඔවුන් නිරීක්ෂණය කරා
ඒ දූපතේ medium ground finch සහ
cactus finch ලෙස ෆින්ච් විශේෂ
දෙකක් සිටින බව.
1973 දී වෙනත් දූපත
සිට එයට ground සහ
cactus ෆින්ච් දෙමුහුන් කුරුල්ලෙක් සංක්රමණය වෙනවා.
මෙම කුරුල්ලා විශාල
ශරීරයක් සහ හොටක්
සහිත කුරුල්ලෙක් . එම
ලක්ෂණ වගේම ඌ
mediun ground finch කුරුල්ලන්ට සමාන හඩකින්
කිරිල්ලින් ආකර්ෂණ කරගත්තා
. මේ වාසි දායක
ලක්ෂණ නිසා එම කුරුල්ලාගේ පරම්පරාවක් වසර
28ක් පුරා සාර්ථකම
දූපතේ පැතිරුනා. පසුව ඒ
දූපත දරුය් නියගයකට
මුහුණ දුන්න නිසා
නියගය අවසානයේ එම
පරම්පරාවෙ කුරුල්ලන් දෙදෙනෙක් පමණයි
ඉතුරු වුනේ. මෙවුන්
දෙදෙනාම එකතුවෙලා ඇතිවුන
පරම්පරාවෙ කුරුල්ලන්ගේ හඩ අනිත්
කුරුල්ලන්ට වඩා වෙනස්
. ඒ නිසාම ඔවුන්
අභිජනනය කරේ ඔවුන්ගේ
පරම්පරාවෙ කුරුල්ලන් සමග පමණයි
. දැන් ඔවුන් සම්පූර්ණයෙන්ම
වගේ ප්රජනක හුදකලවක සිටින්නේ . 2009 දී
මේ පරීක්ෂකයන් දෙපළට
පුලුවන් වුනා මේ කාණ්ඩය ජානමය
වශයෙන් අනිත් අයට
වඩා වෙනස් කියල
ඔප්පු කරන්න. එනම්
වෙනත් විශේෂයක් බවට
පත්වී ඇති බවයි.
මේ නිසා මෙය
සත්ව විශේෂකරණය සම්න්ධයෙන්
මෙතෙක් කරපු හොදම
නිරීක්ෂණයක් ලෙස හදුන්වන්වා.
ඩාවින් පවා සිතුවේ
මෙය අපගේ ජීවිත
කාලයක් තුල නිරීක්ෂණය
කල නොහැකි තරක්
දීර්ඝකාලීන දෙයක් කියල
. නමුත් අදවන විට
ලෝකය පුරා මෙවැනි
නිරීක්ෂණ 300 කට වඩා
සිදුකරල තියෙනවා. මේවා
පරිනාමවාදය සම්බධයෙන් ඉදිරිපත් වන
ප්රභල සාක්ෂි
. එවැනි
සිදුවීම් කකිහිපයක් ගැන මෙතනින්
දැනගන්න පුලුවන් .
https://www.sciencemeetsreligion.org/evolution/speciation.php
Peripatric speciation
මෙයත්
allopatric speciation එකටම සමානයි නමුත්
මෙහිදී විශාල කණ්ඩායමකින්
බෙදී යන කුඩා කණ්ඩායම්ක් ගැන අදහස්
වෙනවා. කණ්ඩායම කුඩා
විමේදී එහි ඇති ජාන ලක්ෂණ
විශාල කණ්ඩායමට වඩා
බොහෝසෙයින් වෙනස්
නිසා විශෙෂකරණයක් සිදුවන්න
පුලුවන් . මෙය භූගෝලීය
වෙන් වීමක් මෙන්ම
යම් කිසි ප්රභල ආපදාවකට
පස්සේ ඉතුරු වන
කුඩා කණ්ඩායමක වුනත්
නිරීක්ෂණය කරන්න පුලුවන්
.
මෙයට
හොදම උදාහරණය තමා
ග්රහක ගැටීමට
පස්සේ ඩයිනෝසරයන්ගේ න්යෂ්ට වීම
. එම වියසනයෙන් පසුව
ඉතුරු වූ සත්වයන්
සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට
තමා පරිනාමය වුනේ.
Parapatric speciation
විශාල
කලාපයක් පුරා විසිරී
සිටින සතුන් අතර
ලිංගික සම්බන්ධතා සීමා
වීම නිසා මෙය
බොහෝවිට සුදුවනවා. භුගෝලීය
භාදාවක් නොමැතිව වුනත්
වාසස්ථාන වල සිදුවන
සුලු සුදු වෙනස්
කම් නිසා කාලයත්
සමග මේ ආකාරයේ
විශේෂකරණයක් දකින්න පුලුවන්
.
මෙවැනි
හේතුන් නිසා සිදුවන
හුදකලාවන් නිසා එම
කණ්ඩායම් වල වෙනස්
වීම ඔවුන් අතර
ජාන හුවමාරුවක් වෙන්නේ
නැති නිසා සහ එම වෙනස්
වන පරිසර තත්වයන්ට
අනුරූපව ස්වභාවික වර්ණයෙන්
ජීවින් තොරාගැනීම සිදුවන
නිසාත් එක කාණ්ඩ
අතර වෙනස් කම්
විශාල වෙනවා. සැලකිලය
යුතු කාලයකට පසු
මේ කණ්ඩායම් එකම
විශේෂයක් ලෙස හැදිවීමට
බැරි වෙන ලෙසටම
වෙනස් වෙනවා. මෙය
තමා මූලික වශයෙන්
පරිනාම ක්රයාවලිය
ලෙස පැහැදිලි කරගන්න
පුලුවන් .
පරිනාමවාදයට
සැමවිටම අලුත් අලුත්
සොයාගැනීම් එකතුවීමෙන් එය වඩාත්
සංකීර්ණ වන්නට ගන්නවා.
2007 දී Massimo Pigliucci විසින් දීර්ඝකල සංස්ලේෂණ
පරිනාමවාදය (Pigliucci's
extended evolutionary synthesis ) ඉදිරිපත්
කරමින් බහුස්තර
වරණය (multilevel selection) , ජානමය නොවන
ලෙස ලක්ෂණ උරුමවීම
(transgenerational epigenetic inheritance)
, සත්වයින් විසින් පරිසරය
ප්රතිනිර්මාණය (niche construction) සහ පරිනාමිකතාව
(evolvability) යන සංකල්ප ඉකතු
කරණු ලැබුවා. එමෙන්ම
2009 දී රුසියන් ඇමරිකානු
ජීවවිද්යාත්නයෙක් වුන
Eugene Koonin විසින් පශ්චාත් නූතන සංස්ලේෂණ
පරිනාමවාදය ඉදිරිපත් කරා. මෙයට
අණුක ජීව විද්යාව , ක්ෂුද්රජීව විද්යාව , DNA සහ RNA රයිබසෝම්
වැනි සංකල්ප යොදාගෙන අණුක
මට්ටමේ සිට සහ විශ්වීය පොදු පූර්වජ්යයෙක්ගෙන් සිට පරිනාම
ක්රියාවලිය පැහැදිලි
කරන්න හොද වාදයක්
ගොඩ නැගුවා. එසේම
මෙය prokaryotes නම් සාපේක්ෂව
අලුතින් සොයාගත් ජීවී
වසම හා සම්න්ධ
කරමින් ජීනෝම ඔස්සේ
ක්ෂුද්රජීව විද්යාත්මක පරිනාමයක්
ගැන කියනවා. එනම්
මෙයින් ක්ෂුද්රජීවීන්ගේ
සහ අපගේ පරිනාමයන්
එකට ගැටගසන්වා වගේ.පරිනාමවාදයට කෙතරම් දේවල්
එකතු වුනත් එහි
මූලික අදහස හෝ අරටුව වන්නේ
ජීවීන්ගේ වෙනස් වීම.
අද
දිනය වන විට ජීව විද්යාව තව
දුරටත් පුලුල් සහ
විශාල පරාසයකින් දියුණු
වෙලා තියෙනවා . මේ
නිසා විද්යාත්මක
ප්රජාව අතර
පරිනාමවාදයේ තවත් යෝධ
පියවරක් ගැන් සාකච්ඡාවක්
යනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව
ජීවවිද්යාත්මක ක්ෂෙත්රයේ සියලුම
විශය පථයන් සම්බන්ධ කරමින් පරිනාමය
, ගැඩගැනීම, විවිධත්වය සම්බන්ධයෙන්
තනි න්යායාත්මක
රාමුවක් (single theoretical
framework) ඇතිකරගන්න එක. ප්රවේණිය සම්න්ධ
අපිජනක ප්රවේණිය
(epigenetic inheritance) , phenotypic
plasticity , Baldwin ආචරණය , සහ matternal ආචරණය වැනි
වෙනම පවතින සංකල්ප
පවා පරිනාමයට එක්
කිරීමට ඔවුන් බලාපොරොත්තු
වෙනවා . මෙමගින් ජාන
මට්ටමේ සිට , සංස්කෘතිය
ජීවීන් වීම දක්වාම
පරිනාමය සිදුවන ආකාරය
පෙන්වා දිය හැකිවේවි.
අපි
ග්රීකයන්ගේ ඉදන්
අද දිනය වනතුරුම
පරිනාමවාදය ගොඩනැගුණ විදිය එය
සංවර්ධනය වුන විදිය
සහ එය විසින්
ඉදිරිපත් කරන අදහස
මොකක්ද කියල පැහැදිලි
කරගත්තානෙ. මේ තර්කයට
අදාල සාක්ෂි සාධකත්
අපි දැක්කා. එය
තවදුරටත් ශක්තිමත් වන්නේ එය
විසින් සාර්ථක පුරෝකතනයන්
ඉදිරිපත් කරනවානම්. සෑම න්යායකම අවශ්යතාවය වෙන්නේ
පුරෝකතන ඉදිරිපත් කිරීම.
පරිනාමවාදය තුලිනුත් ඉතා සාර්ථක
ලෙස පුරෝකථන ඉදිරිපත්
කරීමට හැකි වුනා
.
පරිනාමවාදයේ
කේන්ද්රීය අදහස
වන්නේ ජීවය බිහිවීමෙන්
පසු එය වර්ධනය
වූ ආකාරය එනම්
එය සරල ජීවයක
සිට ඉතා සංකීර්ණ
ජීවක් වූ ආකාරය
. මේ නිසා පරිනාමවාදය
තුලින් ඉදිරිපත් වන
එක් පුරෝකතනයක් වන්නේ
ඈත අතීතයේ ප්රථිවියේ ජීවය ඉතා
සරල ආකාරයට පැවතිව
තිබිය යුතු බවයි
. එය පසුව සංකීර්ණ
ලක්ෂණ සහිතව පරිනාමය
විය යුතුයි . මේ
ගැන අදවන විට
පැහැදිලි සාක්ෂි තිබෙනවා.
වසර බිලියන 3.5 කට
පෙර තිබූ Stromatolites
නම් නිල් කොළ
ඇල්ගී වල ෆොසිල
එතා සරල ජීවයටක
උදාහරණ. පසු කාලීනව
පිරවරෙන් පියවර සංකීර්ණ
වන ජීවීන්ගේ ෆොසිල
හමුවෙනවා. මේ පැමිණෙන
සංකීර්ණ ජීවීන් තවත්
සත්ව විශේෂ බවට
බෙදෙනවා. ඒ නම්
එකම විශේෂයක් තවත්
සත්ව විශේෂයක් බවට
ඈත කාලයේ සිටම
පත්විය යුතුයි . මේය
සිදුවන ආකාරය අපි
කලින් පැහැදිලි කරගත්තා.
එසේම ඒ ගැන ෆොසිල සාක්ෂියත්
හමුවනවා. වසර මිලියන
150 පැරණි ඩයටොම් ලෙස
හදුන්වන ඇල්ගී විශේෂය
පිළිබඳව ඉතා පැහැදිලි
ෆොසිල වාර්තා තිබෙනවා
. එක් එක් කාලයට
අයත් පාෂාණ ස්ථර වල
ඔවුන්ගේ ලක්ෂණ පෙන්නුම්
කරමින් ෆොසිල හමුවෙනවා.
වැදගත්ම දේ නම් ඔවුන්ගේ කාණ්ඩ වෙන්වී
වෙනම ලක්ෂණ සහිත
විශේෂ ඇතිවී තිබෙන
ආකාරය පවා ඒ ස්ථර වල
නිරීක්ෂණය කරන්න පුලුවන්
පුලුවන් වීම .
තවත්
වැදගත් පුරෝකතනයක් තමා
පොදු පූර්වජ්යයෙක්
(Common Ancestor) ගැන අදහස.
ඒ කියන්නේ සත්ව
විශේෂ දෙකක් වෙන්වීමට
පෙර ඔවුන් එකම
විශේෂයක් ලෙස පැවතියානම්
ඒ විශේෂය පොදු
පූර්වජ්යයා ලෙස හදුන්වනවා. ජාන පිළිබඳව
අද තියෙන දැනුමත්
සමග ජානමය සමාන
කම් ඔස්සේ වගේම
molecular clock ලෙස හදුන්වන සංකල්පය ඔස්සේද
විශේෂ දෙකක් අතර
පොදු පූර්වජ්යයෙක්
සිටියාද , ඒ
කොයි කාලෙද කියල
කියන්න පුලුවන්. ඒක කරන්නේ
මෙහෙමයි .
අපේ
DNA වල තියෙන ලක්ෂණයක්
තමා අපි පාවිච්චි
කරන්නේ මේකට . සෑම
සත්වයෙක්ගෙම තියෙනවා ප්රොටීන්
නිපදවීම සදහා බලනොපාන
DNA කොටස්. මේව අදාල
සත්ව විශේෂයට සාපේක්ෂව
එකාකාරී විදියට විකෘති
වෙන්වා (mutation) . අපිට පුලුවන්
මේ mutation වෙන rate එක දැනගන්න
පොසිල වගේ අධ්යනය කරල
. ඊලගට කරන්නේ සත්ව
කාණ්ඩ දෙකක ඒ
rate එක හොයාගෙන ආපස්සට
ගණනය කරනවා කොච්චර
කාලෙකට කලින් ඒ
DNA කොටස් සමානව තිබුනාද
කියල. ඒ කියන්නේ
ඒ කාලයේ වෙද්දි
මේ සත්ව ප්රභේදයන් දෙකම එකක්
. ඒ කියන්නේ පොදු
පූජ්වජයෙක් ඉන්නවා කියන
එක. සමහරු කියනවා
අපි චිම්පන්සින්ගෙන් පරිනාමය
වුනා කියල. නමුත්
එහෙම නෑ. අපිට
චිම්පන්සින්ට පොදු පූර්වජයක්
ඉන්නවා. විද්යාත්නයින්
ගණනය කරල තියෙන
විදියට මීට වසර මිලියනය 6 - 8 කට පමණ පෙර එම
විශේෂය ජීවත්වෙලා තියෙනවා.
අපි ඉන් බිදී
වෙනස් වුන කොටසක්.
මිට
වඩා හොද පුරෝකතනයක්
විද්යාව තුල හමුවෙනවා. කුරුල්ලන්ගේ සහ
උරගයින්ගෙන් ලක්ෂණ පරීෂාකීරිමෙන්
පසු ඔවුන් අතර
යම් සමාන ලක්ෂණ
පවතින නිසා කලයකට
ඉහතදී පොදු පූජ්වජයෙක්
සිටින්නට ඇති බව
ඩාවින්ගේ කාලයේ සිටම
විද්යාත්නයින් කීව
. විශේෂයෙන්ම Thomas Henry
Huxley . ඔහු කීවේ දෙගොල්ලන්ම
බිත්තර දමන සත්වයින්
මෙන්ම ඔවුන්ගේ අභ්යන්තර ඉන්ද්රියන්ගේ සමාන කමක්
තිබෙන බවයි . විශේෂයෙන්ම
රුධිර සංසරණ පද්ධතිය
, මොකද දෙගොල්ලන්ම චලතාපීන්.
මුල් කාලයේදී දේවවාදීන්
සහ අනෙකුත් මැවුම්වාදීන්
පරිනාමවාදය විවේචනය කිරීමේදී විශේෂයෙන්ම මෙම අදහස
විකාරයක් බව කීවා.
ඔවුන් කීවේ එසේනම්
පිහාටු ඇති කිඹුලන්ද
සිටින්නට ඇති බවයි.
නමුත් කාලයත් සමහ
සොයාගන්නා ලද ෆොසිල
ඔස්සේ මෙයට සාක්ෂි
සැපයුනා. උරගයින්ගෙන් ෆොසිල ඉතා
ඈත කාලයට යනකල්ම
හමුවුනත් කුරුල්ලන්ගේ ෆොසිල හමුවුනේ
වසර මිලියනය 300ක්
අතීතයට පමණයි . මේ
නිසා කුරුල්ලන් පසුකාලීන
බිහිවූ සතුන් විය
යුතුයි . ඒ වගේම
පැරණිම කුරුල්ලන්ගේ ෆොසිල
වල උරගයින්ගේ ලක්ෂණ
බොහෝසෙයින් තිබුනා. නමුත් විශේෂම
දෙයක් 1860 දී සොයාගත්තා.
ඒ පිහාටු සහිත
ඩයිනෝසර ෆොසිලයක්. ඔවුන්ගේ
ලක්ෂණ Theropod ඩයිනෝසරයන්ට සමාන වුවත්
ඔවුන් පිහාටු සහිත
වුනා. Sinornithasaurus Millenni
ලෙස හැදින්නුව විශේෂයක් වුන
මොවුන් සැබැවින්ම පිහාටු
සහිත කිඹුලන් ලෙසයි
දිස්වුනේ. එම නිසා
පරිනාමවාදයේ එම පුරෝකතනත්
අතිසාර්ථක ලෙස විසදුනා.
ඒ වගේම
තවත් වටිනා දෙයක්
පුරෝකතනයක් තමා තල්මසුන්ගේ
පරිනාමය ගැන කතාව.
තල්මසුන් සහ ඩොන්පින්
ලා ක්ෂීරපායින් , ඒ
වගේම මෝරුන් වගේ
නෙවෙයි ඔවුන් අචලතාපී
සතුන්. මේ ලක්ෂණ
නිසා තල්මසුන් ගොඩබිමේ
සිටි ක්ෂීරපායි සතෙකුගෙන්
පරිනාමය වී තිබිය
යුතු බව චාල්ස්
ඩාවින් ඔහුගේ විශේෂයන්ගේ
සම්භවය පොතේ මුල්
මුද්යනයේ සදහන්
කර තිබුනා. මෙයට
මූලික සාක්ෂිවත් නොමැති
නිසා සහ එය අතිශයෙන්ම විකාරයක් ලෙස
පෙනුන නිසා මැවුම්වාදීන්
මෑතක් වන තෙක්ම
ඉතා තදින් විවේචනය
කල කරුණක් වුනා.
මේ නිසාම චාල්ස්
ඩාවින් ඔහුගේ ජීවත
කාලයේදී පලවූ අවසාන
මුද්යනයේ එම අදහස සදහන්
කරල තිබුනේ නෑ.
නමුත් අවසානයේ එයින්
වසර සියයකටත් පමණ
පසුව මාහාචාර්ය පිලිප්
ග්රින්ච් විසින්
1978 දී පාකිස්තානයේ සුලෙයිමාන
නම් ප්රදේශයෙන්
සොයාගත් ෆොසිලයකින් මෙම
අදහස් තහවුරු වුනා.
එය වසර මිලියනය
50 කට පෙර සිටි
වෘකයෙකුට සමාන නමුත්
තල්මසුන්ගේ ලක්ෂණ සහිත
ගොඩබිම් සත්වයෙක් . ඒ
සත්වයින් පැකිසීටස් ලෙස හැදුන්නුවා.
ඊට පසුව වරින්
වර ඒ සත්වයින්
සහ තල්මසුන්ගේ අතරමැදි
අවස්ථා සහිත ෆොසිල
හමුවුනා. මේ අනුව
පරිනාමවාදයේ ඉතා අපහසු
පුරෝකතනයක් පවා අදවනවිට
සනාථ වෙලා තිබෙනවා.
මේ ගැන විස්තරයක්
" පරිනාමික දින පොත
" පිටුවේ පලවී තිබුනා.
https://www.facebook.com/1317737654994637/posts/2939942526107467/?app=fbl
පුරෝකතන වගේම තවත්
ජාතියක් තමා පාරකතන ( Retrodiction ) කියන්නේ. මේකෙන් අදහස්
වෙන්නේ ඒ ප්රවාදයට අදාල
ක්රියාවලියේ අතුරුඵලයක්
හෝ වක්රකාර
ප්රතිඵලයක් ලෙසට
කරන පැහැදිලි කිරීම්.
මේක උදාහරණයක් අරන්
පැහැදිලි කරන්නම්. සති 4 ක්
වයස මිනිස් කළලයක
බිත්තර කට්ටක් සෑදී
ටික දිනකින් එය
නැතිවී යනවා. මේ
ආරයේ කට්ටක් සෑදෙන්නේ
ඇයි. අපි සතුව
කළලයේ කටුවක් සෑදීමට
අවශ්‍ය ජාන තිබෙනවා. ඒ වගේම තව අක්රීය වූ
ජාන 3ක් තිබෙනවා
එම කටුව ප්රෝටීන් වලින්
පිරවීමට සමත්. මෙහෙම
වුනේ කොහොමද කියන
එක එක අතකින්
අභිරහසක් වගේ . මෙය
පැහැදිලි කරන්න පුලුවන්
වෙන්නේ පරිනාමයෙන් විතරයි
. ඒ පරිනාමයේ එක්තාරා අවදියක
බිත්තර දමන සතුන්
ලෙස අප සිට ඇති අතර
වසර මිලියනය ගනනක්
ගතවී ඒ ස්වරූවයෙන්
වෙනස් වුවත් කට්ටක්
ඇතිවී නැතිවී යාම
හානිදායක දෙයක් නොවන
නිසා එම ලක්ෂණය
ස්වභාවිකවම ඉතුරු වෙලා
තිබුනා. මේ ආකාරයේ
සංසිද්දීන් බොහෝ සෙයින්
දකින්නට පුලුවන් .
සමහර
ජාන අක්රීය වීම අපගේ
චර්යාවන් වල වෙනස්
කමක් නිසා අපට
බලපෑමක් වෙන්නේ නෑ.
උදාහරණයක් විදියට විටමින්
c නිපදවන ජානය අහඹු
ලෙස අක්රීය වෙලා තිබෙන
බව පෙනී යනවා.
එය ගෝරිල්ලන්ගේ සහ
චිම්පන්සින්ගෙත් ඒ සමාන
ජාන විකෘතියක් (mutation) මගින්
වෙනස් වෙලා තියෙනවා.
ඒය පැහැදිලි කරන්න
පුලුවන් වෙන්නේ අපි
සහ වානර විශේෂ
බිහිවෙන්න කලින් සිදු
වූ අහඹු ජාන
විකෘතියක් අපට අදවන
විට උරුම වී ඇති බව.
මේ ජානය අක්රීය වීම
එතරම් බලනොපාන්නේ අපි
ආහාර මගින් vitamin C ලබාගන්නා
නිසයි. අපගේ ජීනෝමය
තුල අප භාවිතා
නොකරන ජාන අතිවිශාල
ප්රමානයක් තිබෙනවා.
මේවා ඇයි අප සතුව තියෙන්නේ
කියල මැවුම්වාදියෙක්ට නම්
පිළිතුරක් නෑ. නමුත්
මේවා අපගේ පරිනාමය
තුල අප අත්කරගත්ත
, අපි පැවති ආකාර
, අපි සතුව තිබූ
සියලු ලක්ෂණ සහ
අපේ නෑයන් සම්බන්ධ
සියලු විස්තර ලබාගත
හැකි සැකැස්මක්. සමහර
අක්රීය වුන ජාන ස්වභාවික
වරණය තුලින් වාසි
සහගත හෝ උදාසීන
ගතිලක්ෂණ ඇතිකරණ නිසා
අපිට ඒ අක්රීයතාව උරුම
වෙනවා.
මිනිසුන්ගේ මෙන්ම අනිත්
සතුන්ගේත් මේ ලක්ෂණ
තිබෙනවා. උදාහරණයක් විදියට තල්මසුන්ගේ
කළලයේ 24 වැනි දිනය
පමණ වන විට එය මිනිස්
කළලයක ස්වරූපයට ඉතාම
ආසන්නයි. එම කළලයේ
ඔවුන් සතුව බාහු
හතරක් තිබෙනවා. එනම්
අත් සහ පාද ස්වරූපයේ ශරීර කොටස්
තිබෙනවා. නමුත් ඒවායින්
පිටුපස බාහු වර්ධනය
වෙන්නේ නෑ. ඉදිරිපස බාහු වරල්
බවට පත් වෙනවා.
මෙය පරිනාමයේ අතුරුඵලයක්
විදියට අපිට දකින්න
පුලුවන් දෙයක්. මොකක්ද
කලින් කතා කරා වගේ තල්මසුන්
පැවත එන්නේ ගොඩබිමේ
සිටි ක්ෂීරපායින්ගේ.
තව දෙයක් තමා
තල්මසුන්ගේ ඒ බාහුන්
වර්ධනය නොවුනාට ශරීරයෙන්
වෙන්වෙලා පවතින අස්ථි
කොටස් දෙකක් තිබෙනවා.
මෙය ඇත්තටම තල්මසුන්ට
අනවශ්‍ය කොටසක්.
ඒවාත් පෙන්වන්නේ කලින්
පැවැති ලක්ෂණ වල
ඉතුරු වුන අවශේෂ
.
ඒ
වගේම ඉතාම කලාතුරකින්
ඩොන්පින් සත්වයින්ගේ පිටුපස වරල්
යුගලක් වර්ධනය වෙනවා.
මෙය ඔවුන්ගේ පැරණි
ජානමය ලක්ෂණ අහඹු
ලෙඩ නැවත පැමිණීමක්.
මේ සියල්ල පැහැදිලි
කල හැක්කේ ඔවුන්
පැවත එන්නේ පාද
සතරක් තිබූ සත්වයෙක්
ගෙන් නිසා යන කරුණෙන් පමණයි. සතුන්ගේ
මෙන්න බොහොම කලාතුරකින්
මිනිසුන් පවා නැවත
මෙවැනි ඉපැරැණි ලක්ෂණ
සහිතව ඉපදෙනවා.
https://youtu.be/h-28TX8xldE
මිනිස් කළලයක් තුල
පළමු මාස හයේදී
තුනී රෝම ස්ථරයක්
ඇතිවෙනවා. මෙය චිම්පන්සින්
වැනි අනිත් සතුගේ
කළල තුල පවා සිදුවන අතර
එය දිගටම වර්ධනය
වෙනවා. නමුත් මිනිස්සුන්ගේ
එය පළමු මාස
හයෙන් පස්සේ හැලී
යනවා. මේ වගේ දේවල් ඕනි
තරම් අදවනවිට නිරීක්ෂණය
කරලා තියෙන්වා. මේවා
පරිනාමවාදයෙන් පමණක් පැහැදිලි
කරන්න පුලුවන් සංසිද්ධීන්
කියන්න පුලුවන් .
පරිනාමවාදය
ප්රතික්ෂේප කරන
බොහෝ දෙනා ගේන
තවත් තර්කයක් නම්
මිනිසා පරිපූර්ණ ලෙස
කිසිම වැරැද්දක් නොමැති
සත්වයෙක් ලෙස පවතින
බවයි (Perfect design). නමුත් සත්යය නම්
එය නොවේ . අපේ
සැකැස්මේ බොහෝ දුර්වල
තැන් තිබේ. ඒවා
අපව ඝාතනය නොකරන
නිසා ඒව දිගින්
දිගටම අපට උරුමව
පැමිණෙනවා . හොදම උදාහරණය
නම් උණ්ඩුකපුච්ඡයයි. මිනිස්සුන්ගේ
බඩවැලේ කොටසක් වන
මෙහි කාර්ය පැහැදිලි
නෑ. අභ්යන්තර
ප්රතිශක්තිකරණ පද්ධතියේ
යම් කාර්යක් ඉටුකරන
බව සැකකරත් මෙහි
සැකැස්ම නිසා ඕනෑම
කෙනෙකුට ඉතා පහසුවෙන්
ආමාශයේ ආසාදන ඇති
වෙනවා. එය ඉතාම වේදනාකාරී සහ සමහර අවස්ථා වල
මාරාන්තික වෙන්න පුලුවන්
. ශල්යකර්මයක් මගින්
මෙය ඉවත් කරන්නට
පුලුවන් . එසේ කිරීමෙන්
පසු ජීවත්වීමට කිසිම අපහසුතාවයක්
නම් ඇතිවෙන්නේ නෑ.
මීට අමතරව ඇසේ
තිබෙනවා අන්ධ බින්දුව
(blind spot) ලෙස හදුන්වන ලක්ෂයත් අපේ
අඩුපාඩුවක් කියන්න පුලුවන්
. එය
නිසා එම ස්ථානයට
දර්ශනය වන ආලෝකය
දකින්න හැකියාවක් නෑ
අපිට . නමුත් අපේ
මොළය විසින් ඒ
අඩුව පුරවන නිසා
එය තේරෙන්නේ නෑ.
මෙය ඇසේ සැකැස්ම
ආරම්භයේ සිටම තිබූ
දෙයක් . ඇස සැකසූනේ
දීර්ඝකාලීන අහඹු සිදුවීම්
රාශියක ප්රතිඵලයක් ලෙස
සහ සෑම විටම
ස්වභාවික වරණය මගින්
කරන තොරාගැනීමක් ලෙස
. අපගේ ඇස යම් ආකාරයට ප්රයෝජනවත් වන බව සැබෑව . නමුත් ඊට
වඩා සාර්ථක ආකාරයේ
ඇසේ සැකැස්මක් බූවල්ලන්ට
සහ දැල්ලන්ට
තිබෙනවා. ඒ ඔවුන්ගේ
ඇස අපේ සැකසීමට
ස්වාධීනව ඇතිවුන නිසා.
ඒ වගේම අපි
දැනට භාවිතා නොකරන
චර්වණ දන්ත ඈත අතීතයේදී මස් ඉරාකෑමට
අවශ්යවුනා. ඒ
වගේම අපේ පුරහ්ස්ථ
ග්රන්ථියත් (prostate glands) මෙයට උදාහරණයක්
. එවා මුත්රා මාර්ගයේ දෙපසින් පිහිටා
ඇති නිසා වැඩිමහල්
වයස වන විට ඒවා විශාල
වෙලා මූත්රා මාර්ගය අවහිර
වෙන්න පුලුවන් . ඒ
නිසා මූත්රා කිරීමේ අපහසුවක්
සහ වේදනාවක් ඇති
කරනවා. මේ නිසා විවිධ බෙහෙත්
වර්ග පවා භාවිතා
කරන්න වෙනවා. ඒ
ආකාරයේ අනවශ්‍ය සහ අසම්පූර්ණ
, දුර්වල ආකාරයේ සැකසීම්
පවා අප සතුව තිබෙනවා. චාල්ස් ඩාවින්
" වඩාත් ශක්තිවන්තයාගේ පැවැත්ම" ලෙස
ස්වභාවික වරණය අර්ථදැක්වුවාට
අදවන විට අප කියන්නේ " අවශ්‍ය
තරම් ශක්තිවන්තයාගේ පැවැත්ම"
(survival of fit enough) ලෙසයි. එනම්
යම් ලක්ෂණයක් අපට
වැඩි කකරදරයක් නැත්නම්
එය අපට උරුම
වෙන්න පුලුවන්.
ගොඩක්
අය හිතන්නේ මිනිසා
සුවිශේෂ සත්වයෙක් කියල.
සමහරු කැමති නෑ
මිනිසා සත්වයෙක් කියලවත්
පිළිගන්න. අපේ සුවිශේෂත්වය
ඇත්තටම පේන්නේ අපිට
විතරයි . එය ස්වභාව
ධර්මයට අදාල දෙයක්
නෙවෙයි . අපේ සැකැස්මත්
අනිත් සතුන්ගේ වගේම
තමා. මිනිසා කියන්නේ
සත්ව වර්ගීකරණය තුල Primate order එකට
අයත් සත්වයෙක්. Primates කියන්නේ
සත්ව වර්ගීකරණය තුල
නියෝග (order) කියන කොටසට
අයත් එක් වර්ගයක්.
ඒ ව.ර්ගයේ සත්වයන් අර්ථකථනය කරන්නේ
" උරහිස් අස්ථියක් සහ
යමක් ග්රහණය කරගත හැකි
ඇගිලි සහිත සත්වයින් " ලෙස.
ඔවුන්ගෙ ලක්ෂණ වන්නේ
හොදින් වැඩුණ මොළයක්
තිබීම, හොද පෙනීමේ
හැකියාවක් තිබීම, යමක්
ග්රහණය කරගන්න
පුලුවන් ඇගිලි පිහිටීම
වගේ දේවල්. එතකොට ඒකට
විශාල පරාසයක සත්වයන්
අයත් වෙන්වා. මිනිස්සු
, චිම්පන්සින් ,ගෝරිල්ලන් , වදුරන් , උනහපුලුවන්
, ගිබන් , සහ ස්ලොත්
වගේ සත්වයන් මේකට
අයත් . නියෝග (orders) වලින්
පස්සේ තියෙන්නේ පවුල
(family) කියන කොටස . මේ
කොටසේ මිනිසා අයත්
වන්නේ හොමිනිඩ් (hominid) කියන
පවුලට. එයට අයත්
සත්වයින්ගේ ලක්ෂණ වන්නේ
, ඔවුන්ගේ අත් පාද
වලට වඩා කොට වීම,
දෙපයින් ඇවිදීමට හැකි වීම.
නමුත් සෑම විටම
එසේ ඇවිදින්නේ නෑ.
මේ පවුලට අප
මෙන්ම ගෝරිල්ලන් , චිම්පන්සින් සහ
බොනෝබෝ සත්වයින් අයත්
වෙනවා.
ගොඩක්
අය හිතනවා මිනිසා
චිම්පන්සින්ගෙන් පැවත එනවා
කියල. නමුත් ඒක
වැරදි අදහසක් . චිම්පන්සින්
සහ මිනිසාට පොදු
වෙච්ච පූර්වජයෙක් අවුරුදු
මිලියන 7කට විතර ඉහතදී ඉදියා
කියල තමා කියන්නේ.
අනික මින්සාට ආසන්නම
සත්වයා චිම්පන්සින් නොවේ
"බොනෝබෝ" සත්වයින්.
ඒත්
අපි ච්ම්පන්සින් සහ
මිනිසා සන්සන්දනය කරල
බලමු . අපි කොහොමද
දන්නේ චිම්පන්සින් සහ
අපි අතර පොදු
පූර්වජ්යයෙක් ඉදියා
කියල.
ඒක කියන්න
තියෙන්වා molecular clock කියල හදුන්වන
ක්රමයක්. අපේ
DNA වල තියෙන ලක්ෂණයක්
තමා අපි පාවිච්චි
කරන්නේ මේකට . සෑම
සත්වයෙක්ගෙම තියෙනවා ප්රොටීන්
සදහා බලනොපාන DNA කොටස්.
මේව අදාල සත්ව
විශේෂයට සාපේක්ෂව එකාකාරී
විදියට විකෘති වෙන්වා
(mutation) . අපිට පුලුවන් මේ mutation වෙන
rate එක දැනගන්න පොසිල
වගේ අධ්යනය කරල . ඊලගට
කරන්නේ සත්ව කාණ්ඩ
දෙකක ඒ rate එක
හොයාගෙන ආපස්සට ගණ්නය
කරන්වා කොච්චර කාලෙකට
කලින් ඒ DNA කොටස්
සමානව තිබුනාද් කියල.
ඒ කියන්නේ ඒ
කාලයේ වෙද්දි මේ
සත්ව ප්රභේදයන්
දෙකම එකක් . ඒ
කියන්නේ පොදු පූජ්වජයෙක්
කියන එක. මේ අනුව විද්යාත්නයින් ගණ්නය කරා
මිනිසා සහ චිම්පන්සින්
අතර අවුරුදු මිලියන
6 - 8 කට කලින් පොදු
පූර්වජයෙක් ඉදියා කියල.
මෙතනින් වෙන් වෙන
මානව පවුල තමා
අපේ ගෝත්රය
(tribe) ලෙස හදුන්වන්නේ. මොවුන්ගේ පොදු
ලක්ෂණ වන්නේ ඔවුන්
චිම්පන්සින් මෙන් නැතිව
සෑම විටම ඇවිද්දා
, ඒ වගේම දෙයක්
ග්රහණය කරගැනීමේ
පාද තිබුනේ නෑ.
ඒ පාද වල යටිපතුල විශාලයි සහ පා
ඇගිලි කුඩයි. මේ
ගෝත්රයට යටතේ
තව ගණ (genus) ලෙස
හදුන්වන කොටස් තුනක්
තිබුනා. ඒ අය තමා Austalopithecus , Paranthropus , සහ Homo කියන ගණයන්.
ඒ අය අයගෙන්
දැනට ඉතුරු වෙලා
ඉන්නේ Homo ගණය පමණයි
. අනිත් ගණයන් දෙකම
දැන් වදවී ගිහින්.
Homo ගණයට අයත් විශේෂ(species)
බොහෝ ප්රමාණයක්
සිටියා . උදාහරණ විදියට
Homo Habilas , Homo Aguster , Homo Erectus , Homo Hieddelburgensis , Homo
Neanderthal සහ Homo Sepien යන අය
හදුන්වන්න පුලුවන් . මේ විශේෂ
අපගේ මුතුන්මිත්තන් කියන්නත්
පුලුවන් . මේ අවධීන්
පසු කරමින් තමා
අපි දැන් ඉන්න
Homo sepien කියන විශේෂය බවට
පත්වුනේ. අපි මේ
වරින් වර මේ විශේෂ වලින්
බෙදිල ගිහින් වෙනම
පරිනාමය වුනා. ඒ විශේෂ විවිධ
හේතූන් නිසා වදවී
ගියා. ඒ වගේම දැනට අවුරුදු
40 000 කට කලින් තවත්
හෝමෝ විශේෂ අපිත්
සමගම ජීවත් වෙලා
තියෙනවා. ඒ අය
තමා නියන්ඩතාල්ලා සහ
ඩෙනසෝවන්ලා . හෝමෝ ඉරෙක්ටස්
ලා පවා මුල්
කාලයේ සේපියන්ලා සමග
වාසය කරා. මිනිසාට
හැකිවුනා ඒ අයව
අභිබවා සාර්ථක වෙන්න.
ඒ නිසා ස්වභාවික
වරණය තුල අපි ජයගත්තා . නමුත් මෙයින්
කියන්නේ නෑ මිනිසා
අනිත් සතුන්ට වඩා
වැඩියෙන් පරිනාමය වුන කියල.
අපි ඔවුන්ට වඩා
වෙනස් විදියට පරිනාමය
වුනා.
මිනිසා යනු
අනිත් සත්වයින්ටම සමාන
විශේෂයක් කියන්න තවත්
සාක්ෂියක් තමා DNA . අපිට දකින්න
පුලුවන් පරිනාමික ක්රියාවලියක් ඇතුලෙ අපේ
ළග නෑයන්ට වැඩිපුර
ජාන ප්රමාණයකුත්
දුර නෑයන් සමග
අඩුවෙන්නුත් ජාන සාමාන
වෙනවා කියල. චිම්පන්සින්
සමග 99% ක් , පූසන්
සමග 90% ක් , ගවයින්
සමග 80% සහ කෙසෙල්
ගෙඩි සමග 60% කත්
සමාන ජාන තිබෙනවා
. මෙය විකාරයක් වගේ
පෙනුනට එහෙම නෑ.
මේක වෙන්නේ
කොහොමද ? අපි භාහිරයෙන්
බැලුවම බොහෝ අසමානම්
පෙනවනේ . මේකත්
ඇත්තටම DNA වල තියෙන
සුවිශේෂ ලක්ෂයක් . DNA කියන්නේ
කේතයක් වගේ. ඒවගෙන්
කියනවා අපේ ශරීර
සැකසෙන්න ඕනි කොහොමද
කියල. සර්ව
සම DNA කොටස් දෙකක්
අරගන්න. එකක පුංචිම
පුංචි වෙනස් කමක්
කරන්න . දැන් DNA අනු
99.99% ක්ම සමානයි ඒත්
ඒ DNA වලින් කරන
කාර්ය විශාල ලෙස
වෙනස් වෙන්න පුලුවන්
.
මෙහෙම හිතන්න
.
1- මරන්න , එපා නිදහස්
කරන්න.
2-මරන්න එපා , නිදහස්
කරන්න.
1 සහ
2 99% ම
සමානයි . නමුත් ඒවාගේ
අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස්.
බල්ලොන්ගේ
, පූසොන්ගේ විශාල වෙනස්
කම් තියෙන්නෙ මේ
නිසා. එයාල එකම
සත්ව විශේෂයක් වුනාට
පාට , ශරීර ප්රමාණය වගේ
ලක්ෂණ දරන DNA වල
ඉතාම සුලු වෙනස්
කම් නිසා විශාල
ලෙස භාහිර පෙනුම
වෙනස් විදියේ බල්ලන්
ඉන්නවා.
මිනිසා සම චිම්පන්සින්
අවුරුදු මිලියනය අටකට
විතර කලින් එකම
සත්වයෙක් . ඊට ඒ
පස්සේ කණ්ඩාය දෙකට
බෙදිලා ජාන වල සුලු සුලු
වෙනස් කම් අති විශාල ප්රමාණයක් වෙලා මේ තත්වයට ඇවිත්
තියෙන්නේ . ඒ අතර
චිම්පන්සින්ගෙ සුවද ආග්රහණය කර
හැකි සංවේදනයන් , කොදු
ඇට පේලියේ වක්රය, ශරීරයේ
රෝම සහ මොළය වගේ දේවල්
වෙනස් වුනා.
තවත් සුවිශේෂ දෙයක් කියන්නම්.
මිනිසාගේ සහ චිම්පන්සින්ගෙන්
මොළය සහ නිවුරෝන
පද්ධතියට අදාල ජාන
සර්ව සමයි . නමුත්
අපිට චිම්පන්සින්ට වඩා
මොළය තියෙන්නේ ඇයි.
ඒකට හේතුව කළල
අවස්ථාවේ නියුරෝන සයිල බෙදීමට
අදාල ජානයේ වෙච්ච
වෙනස් කමක් . අපේ
කලළ අවදියේ චිම්පන්සින්ට
වඩා තුන් ගුණයක්
මොළයේ සයිල ඇතිවෙන්වා.
ඒ කියන්නේ මිනිසාගේ
මොළට චිම්පන්සින්ට වඩා
තුන් ගුණයක් විතරක්
විශාලයි . මේක ජානවල
වෙච්ච සුලු වෙනස්කමක් වුනත් එහි
ප්රතිඵලය අතිවිශාලයි.
මිනිසාගේ සහ චිම්පන්සින්ගෙන්
මොළයේ සමාන කොටස්
තියෙන්වා. Limbic system එක මස්තිෂ්කය
වගේ. ඒකෙන් වෙන්නේ
ආවේගශීලි හැසිරීම් ඇතිකරගන්න එක.
ඒ වගේම මිනිසාගේ
neo-cortex එක අපිට සුවිශේෂ
කොටසක් . ඒකෙන් තමා
තර්ක බුද්ධිය වගේ
ලක්ෂණ එන්නේ. මීට
අමතරව මිනිසාගේ සහ
චිම්පන්සින්ගෙ ළමා කාලයන්
අනිත් සත්වයන්ට සාපේක්ෂව
විශාලයි. අපිට වගේම
එයාලටත් සංනිවේදන හැකියාවන්
තියෙන්වා. අපි කතා
කරනකොට අත පය විසි කරල
අතින් සංයාවන් පෙන්වගෙන
කතා කරන්නෙ (අනුර
කුමාරගේ හස්ත සංයව
වගේ 😁)
ඒ භාෂා හැකියාවල්
වර්ධනය වෙන්න කලින්
ඉරියව් වලින් විතරක්
සංනිවේදනය කරපු පුරුද්දට.
අපිට
විශාල මොළයක් ලැබුනට
පරිනාමයේ අරමුණ වෙන්නේ
සත්වයින් බුද්ධිමත් කිරීම හෝ
උත්තරීතර සත්වයින් කිරීම නෙවෙයි
, නොනැසී පවත්වාගැනීම විතරයි. එයින්
අසාර්ථක වුන සත්වයින්ගේ
සුසානයක් මත තමා
අපි ජීවත් වෙන්නේ
. මේ ෆොසිල සාදක
ඒවාට සාක්ෂි . මිහිමත
සිටි සත්ව විශේෂයන්ගේ
99%ක්ම එයින් පරාජය
වුන අය. ඒ නිස අද
ජිවිත්වන සත්වයින් සියල්ලම ජයග්රහකයින් . ඔවුන් පරිසරයට
අවශ්‍ය ලෙස හැඩගැසී තිබෙනවා. නමුත්
ගොලීය උණුසුම වගේ
අපේ වැරදි නිසාම
සිදුවන වෙනස්කම් වලින්
සත්ව විශේෂ අද
වන විට වදවී
යමින් පවතිනවා. මේ
අතර මිනිසා කියන්නේ
ස්වභාදහමට විශේෂ සත්වයෙක්
නෙවෙයි , අපි විශේෂයි
කියල හිතන් ඉන්නේ
අපිම තමා.
අපේ
පරිනාමයේ කතන්දරය හොයාගත්තේ කොහොමද
කියන එක ගැන අපි පොපොඩ්ඩක්
හොයල බලමු . චාල්ස්
ඩාවින් සහ තෝමස්
හෙන්රි හක්ස්ලි වගේ
අය පරිනාමවාදය ඉදිරිපත්
කරපු මුල් කාලයේදීම
මිනිසා සහ චිම්පන්සින්
, ගෝරිල්ලන් වැනි
අප්රිකානු වානරයින්ගේ
ව්යුහයේ සමාන
කම් පරීක්ෂා කරල
පැමිණි නිගමනය වුනේ
මුල්ම මිනිස් වර්ගය
අප්රිකාවෙන් බිහිවෙන්නට
ඇති බවයි . එනම්
චිම්පන්සින්ටත් නෑකම් කියල
පැරණි විශේෂයක් පිළිබඳව
ඔවුන්ට අදහසක් තිබුනා.
නමුත් ඒවා ගැන සාක්ෂි තිබුනේ
නෑ . අනිත් කාරණය
මිනිසා අප්රිකාවෙන්
බිහිවුනා කියන අදහසට
එකල තිබුන සමාජ
දේශපාලන බලවේගයන් කැමති
වුනේ නෑ. මොකද
වහල් සේවය සහ යුරෝපයේ අධිරාජ්‍ය වියාප්තිය නිසා
ගොඩ නැගුණ දේශපාලන
මත වලින් සුදු
මිනිසා උසස් ලෙස
මතයක් සැදී තිබුන
නිසයි . ඒ වගේම පසු කාලයේ
යුරෝපයෙන් නියන්ඩතාල් මානව ෆොසිල
හමුවුනා. 1829 දී
බෙල්ජියමෙන් තමා මුලින්ම
නියන්ඩතාල් මානව ෆොසිල
හම්බෙන්නේ . නමුත් හැමෝම
හිතුවේ මේක මිනිස්
ෆොසිලයක් කියල. ඒ
වගේම 1848 දී ජිබෝල්වාවෙනුත් ෆොසිල
හම්බෙන්වා. නමුත් 1856 දී ජර්මනියේ
නියන්ඩර් නිම්නයෙන් හම්බුන හිස් කබලක්
ඇතුලු සාධන වලින්
තමා මේ හෝමෝ සේපියන් නොවන වෙනත්
මානවයෙක් කියලා හදුනාගන්නේ
එතන් පටන් මෙයාලා
නියන්ඩතාල් මානවයින් ලෙස හැදින්නුවා.
මුලින් සිතුවේ මේ
අය ඉතා නොදියුණු , ලොම්
පිරිණු විශේෂයක් කියල.
ඒ වගේම සමහර
විද්යාත්නයින් හිතුවේ
අපි නියන්ඩතාල්ලාගෙන් පැවත
එනවා කියල. ඔවුන්
කීවේ නූතන මිනිසා
යුරෝපයෙන් බිහිවන්නට ඇති බවයි.
මෙය හැදින්නුවේ European Genesis ලෙස. නමුත් මේ
අදහස් වැරදි බව
පසුකාලීනව ඔප්පු වුනා.
ඒවගේම 1891 ඉන්දුනීසියාවේන් ඊට වඩා
පැරණි මානවයෙක්ගේ ෆොසිලයක්
හමුබුනා. එම මානවයා
කෙලින් ඇවිද ගිය
ලක්ෂණ සහිත වූ බැවින් Homo erectus ලෙස නම්
කරා. මෙම මානවයා
බොහෝසෙයින් මානව ලක්ෂණ
පෙන්නුම් කරා. මේ
මානවයා යුරෝපයේත් සිටි
බවය ෆොසිල හමුවුනා.
මේ නිසා අප්රිකාවෙන් මුල්ම
මිනිසා බිහිවෙන්නට ඇතැයි
කියන මතයට පිළිගැනීමක්
ලැබෙනේ නෑ. නමුත්
සියල්ල වෙනස් වුන්නේ
1924 දී රේමන්
ඩාර්ට් නම් ඔස්ට්රේලියානු විද්යාත්නයෙක්
විසින් දකුණු අප්රිකාවේ ටොන්ග්
ප්රදේශයෙන් කල
සොයාගැනීමකින්. එය කුඩා
වානර ෆොසිලයක්. නමුත්
එහි සුවිශේෂ මානව
ලක්ෂණ පෙන්නුම් කරා.
විශේෂයෙන්ම කෙලින් සිටගන්නා
, දෙපයින් ඇවිද ගිය
වානරයෙක් ලෙස පෙනෙන්නට
තිබුනා. එම විශේෂය
හැදින්නුවේ Austalopithecus
Africanus ලෙස. මෙම නිසා
මානව වර්ගයා සහ
පැරණි වානරයින් අතර
පුරුක් මතුවෙන්නට ගත්තා.
මේ සොයාගැනීම එකල
ලෝකයම කැළඹුවා කියන්න
පුලුවන් . ඒ කාලයේදී
රේමන් හට බොහෝ දෙනෙක් විරුද්ධවුනා
, ඔහුව විවේචනය කරා.
විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය බුද්ධිමතුන්
විසින් මේ අලුත්
සොයාගැනීම බොරුවක් බව කියන්න
ගත්තා. රේමන් මේ
කාලයේ එම ප්රදේශයේ කරපු
ගවේෂණ වලින් තවත්
ෆොසිල වගේම ඔවුන්
භාවිතා කරා කියල
සැලකෙන ප්රථමික
ආයුධ සොයාගත්තා. එය
අප්රිකානු සම්භවය
හෙවත් African Genesis ලෙස හැදින්නුවා.
1950 වන තුරුම විවිධ
මතගැටුම් පැවතියා. පසුව රේමන්
ඩාට් සහ රොබට්
ආර්ඩි විසින් එම
අදහස ඔප්පු කරන්න
සමත්වුනා. ඔවුන්ට අනුව
වසර මිලියනය 6 කට
පෙර ගස් වල ජීවත් වුන
වානරයන් වැනි සත්ව
විශේෂයක් කාලගුණ විපර්යාස
සහ පාරිසරික වෙනස්
කම් යටතේ ආහාර
හිගයකට මුහුණ දෙන්න
වුනා. එම කණ්ඩායම
ආයුද භාවිතා කරපු
නිසා දඩුවම් වැනි
ක්රම ඔස්සේ
කෑම සොයාගන්න සවාන
භූමි වලට සංක්රමණය වුනා
. එය මිනිස් සංහතියේ
ආරම්භය විය යුතු
බව ඔහුන් කීවා.
සවාන භූමි යනු
ඉතා ශුෂ්ක භූමි
. නමුත් දෙපයින් සිටගන්නා
ආයුධ භාවිතා කරන
සත්ව විශේෂයකට එය
ජය ගැනීම අපහසු
වෙන්නේ නෑ. දැන්
මේ ප්රදේශය
හදුන්වන්නේ "මානව වර්ගයාගේ
තොටිල්ල" ලෙස. ස්ටැන්ලි
කුබ්රික් ගේ 2001 space odyssey ෆිල්ම් එකේ
මුල් දර්ශනයක් ලෙස
මෙම අදහස නිරූපණය
කරල තියෙනවා අපිට
දකින්න පුලුවන් .
හෝමෝ ඉරක්ටස්
මානවයා සහ ඔස්තියෝපතිකස්
අතර විශාල කාල
පරතරයක් ඇති බව සහ ලක්ෂණ
වල වෙනස් කම්
තිබුන නිසා මේ අය අතර
තවත් පුරුක් තිබිය
යුතු බව සැක කරා. එයත්
පරිනාමවාදය ප්රශ්න
කරන අය මතුකරපු
තර්කයක්. එයට පිළිතුරු
විදියට 1960 දී ටැන්සානියාවේන්
හෝමෝ හැබිලස් මානව
ෆොසිල හමුවුනා. බොහෝ අය
අදටත් කියල missing links තමා
මේ මතුවුනේ. නමුත්
missing links කීවට එහි කිසිම
නිශ්චිත අරුතක් නෑ.
ඒවා දාස් ගනනක්
වුනත් තියෙන්න පුලුවන්
එක් එක් විශේෂයන්
අතර. එවායින් කියන්න
පුලුවන් විශේෂ දෙකක්
අතර ලක්ෂණ වෙනස්
වුන ආකාරය කාලය
වගේ දේවල්. එය
සම්පූර්ණ චිත්රයම
පැහැදිලි කරගන්න උපකාරී
වෙනවා. මොකද මේ සියල්ල වසර
මිලියන ගණනකට පෙර
සිදුවූ දේවල් නිසා
අපට එවා අනාවරණය
කරගැනීමට මෙවැනි ෆොසිල
සාක්ෂි වැඩි වැඩියෙන්
තිබීම බොහොම හොදයි
.
මෙම හෝමෝ
හැබිලස් මානවයා වැඩිපුර
මානව ලක්ෂණ පෙන්නුම්
කරන නමුත් කුඩා
ශරීරයක් තිබූ විශේෂයක්.
ඔවුන්ගේ ගල් ආයුධ
භාවිතා කරමින් දඩයම්
කීරීමට සමත් වුන
මානවයින්. තවම නිරුවතින්
සිටි ඔවුන්ගේ ලෝම
අඩුවීමට ගත්තේ මේ
අවදියේ සිට.
අපි වානර
කුලයේ අනික් සත්වයින්ගෙන්
වෙනස් වෙන සුවිශේෂ
දෙයක් තමා ශරීරය
පුරා ලෝම නැතිවීම
. මෙය සිද්ධ වුනේ
ඇයි කියන්න පැහැදිලි
කිරීමක් අපිට ගන්න
පුලුවන් මේ වෙනස්
වුන චර්යාවන් ගැන
බැලුවොත්. මානවයා ගස්
වලින් ආහාර ගන්නවා
වෙනුවට දඩයමට යොමුවීමට
සිදුවුනා කියල තේරෙනවනෙ.
සත්ව ලෝකයේ දඩුයම්
සදහා වාසිදායක ශරීර
ලක්ෂණයක් තමා වේගවත්
බව . එය අනිත්
සතුන්ගෙන් ආරක්ෂා වීමටත්
ප්රයෝජනවත් . නමුත්
සිංහයින් , කොටියන් , චීටාවුන් පවා
දිවා කාලයේ වැඩිපුර
දඩයමේ යෙදෙන්නේ නෑ.
හේතුව තමා අධික අවුරශ්මියේ
දිවීමය සිදුවීම නිසා
ශරීර උශ්නත්වය පාලනය
කිරීමට අපහසු වීම.
ඒ වෙන මුකුත්
නිසා නෙවෙයි ඔවුන්ගේ
ලෝම පිරුණු ශරීර
නිසා. ඒ ශරීරවලින්
දහඩිය පිටකරන්නේ නෑ.
ඔවුන් හතිලෑමෙන් පස්සේ
තමා ශරීර උශ්නත්වය
පාලනය කරන්නේ. අනිත් මුවන්
සහ ගෝනුන් වැනි
සතුන් පවා එසේමයි.
මානවයාගේ ලෝම අඩුවීම
මේ නිසා වාසිදායක
වුනා. අපිට දිවාකාලයේ
ඉතා වේගයෙන් දිවයන්න
පුලුවන් . ලේම
නැති වුන නිසා
ශරීරයේ උෂ්ණත්වය දහඩිය
දැමීම මගින් පාලනය
වෙනවා. මේ නිසා දිවාකාලයේ දඩයමේ යමින්
සත්වයින් පසුපස
පන්නා ගොස් ඔවුන්
හතිලෑමට නැවතුන පසුව
මරාදමන්වා. මේ ආකාරයේ
චර්යාවක් තමා කලහාරි
කාන්තාරයේ පදුරු මිනිසුන්
(bush man) නැමති ගෝත්රිකයින්ට
තිබෙන්නේ. ඔවුන් කරනේ
මුවෙක් හෝ ගෝනෙක්
වැනි සතෙක් පසු
පසු පැය හතරක්
පමණ පැන්නීම .එසේ
දිවීමය ඔවුන්ගේ ශරිරය
හැඩගැසී තිබෙනවා. අවසානයේ
හතිලෑමට එම සත්වයා
නවතින නිසා පහසුවෙන්
මරාගන්න පුලුවන් .
එසේම 1974 දී තවත්
විශේෂ සොයාගැනීමක් සිදුවුනා
. එය තමා දැනට
පැරණිම මානව ෆොසිලය
සෙල සැලකෙන ඔස්තියෝපතිකස්
ඇෆ්රෙන්සිල් මානවයෙකුගේ ෆොසිලක් සොයාගැනීම.
එය හදුන්වන්නේ ලුසී
ලෙස. ඔවුන් වසර
මිලියනය 3.2 ක් පමණ
පැරණියි. ඉතියෝපියාවේ ඇෆ්ර් නම්
ප්රදේශයෙන් හමුවුන
මේ ෆොසිලය මානවයාගේ
බිහිවීම තවත් ඈතට
හෙලිදරව් කරන්න පුලුවන්
වුනා.
හෝමෝ එගස්ටර්
මානවයා යනු හෝමෝ
හැබිලස් සහ හෝමෝ ඉරක්ටස් අතර සිටි
පුරුකක්. කෙන්යාවේ උතුරු ප්රදේශයෙන් 1984 දී හමුවූ
මෙම මානවයාගේ ෆොසිලයකින්
ඔවුන් සතුව දියුණු
මානව ලක්ෂණ ගොඩනැගෙමින්
තිබූ බවය සාක්ෂි
හමුවෙනවා . ඔවුන්
විශේෂ වන්නේ ඔවුන්
සතුව දියුණු සමාජීය ලක්ෂණ
තිබූ බවට හදුනාගත
හැකිවීම. වසර මිලියනය 1.5 පමණ
පැරණි "ටර්කනා කොලුවා"(turkana
boy) ලෙස හැදින්වූ මෙම ෆොසිලය
සාමාන්යයෙන් මිනිසෙකුට
සමාන ලක්ෂණ තිබුනා.
නමුත් මොළයේ දාරිතාවය
මිනිසෙකුට වඩා කාලක් පමණ
අඩුයි. නමුත් එය
චිම්පන්සින් වැනි සතුන්ට
වඩා දෙගුණයක් පමණ
වැඩී. ඔවුන් ගින්දර
භාවිතා කරා කියන්න
සාක්ෂි තියෙනවා. මුලින්ම
ආහාර පුලුස්සා කෑමට
ගත්තේ ඔවුන් විය
යුතුයි . එම නිසාම
ඔවුන් සමාජීය වශයෙන්
දියුණු සත්වයින් ලෙස
හදුනාගන්න පුලුවන්.
හෝමෝ ඉගස්ටර්
මානවයින් මෙන්ම ඊට
පෙර සිට මානවයින්
පවා අප්රිකාව
අතහැර වෙනත් ප්රදේශ වලට
සංක්රමණය වුන
බවට සාසාක්ෂි තිබෙනවා.
විශේෂයෙන්ම යුරෝපයෙන් හමුවන ෆොසිල
සහ ගල් ආයුධ
එයට සාක්ෂි . හෝමෝ
ඉරෙක්ටස් මානවයාද යුරෝපයේ බිහිවී
ලෝකය පුරාම වියාප්ත
වුනා වසර 500 000 කට
පෙර . එම නිසා තමා අතීතයේ
සිටම ඔවුන්ගේ ෆොසිල
ලෝකය පුරාම හමුවුනේ.
මෙසේ සංක්රමණය
වීමට හේතුව වෙන්න
ඇත්තේ දේශගුණික විපර්යාසයි.
සාමාන්යයෙන් වසරකට එක්
කිලෝමීටරක් බැගින් සංක්රමණය වුනත්
වසර 15000 කට පසු
ඉන්දුනීසියාවට හෝ යුරෝපයේට
සංක්රමණය වෙන්න
පුලුවන් . ඔවුන් ඒ
සදහා මුහුදු මාර්ගත්
භාවිතා කර තිබෙනවා. 2003 වසරේදී
ඉන්දුනීසියාවේ ෆ්ලොරස් දූපතින් සොයාගත්
ප්රමාණයෙන් කුඩා
මානව විශේෂයක් බිහිවන්නේද
ඔවුනේ සංක්රමණය
නිසා . එම මානවයින්
මිටර් එකක් පමණ
උස වූවන්. දැනට
වසර 50 000 කට පෙර
නූතන මානයින් එම
ප්රදේශයට සංක්රමණය වීමට
පෙර ඔවුන් එහි
වාසය කර තිබෙනවා.
ඔවුන් කුඩා නිසා
හොබිට් වරු ලෙසද
ඔවුන් හදුන්වනවා. මෙසේ
කුරු සත්වයින් බිහිවීම
ස්වභාවික දෙයක් විදියට
හදුනාගන්න පුලුවන් . විශේෂයෙන්ම හුදකලාවූ
දූපත් වල මෙය සිදුවනවා. එම දූපතේ
හරකුන් තරම් කුඩා
අලින් සිටි බවටත්
සාක්ෂි තියෙනවා. හෝමො
ඉරක්ටස් හෝ ඊට පෙර සංක්රමණය වුන
මානවයෙක් තමා ඔවුන්ගේ
මුතුන්මිත්තන් විය යුත්තේ.
හෝමෝ ඉරක්ටස්
වරු ලෝකය පාලනය
කරපු යුගයේ අප්රිකාවෙන්ම තවත් මානවයින්
විශේෂයක් බිහිවුනා . ඒ තමා ආදී හෝමෝ
සේපියන්ලා. (Archaic Homo
Sepien) වසර මිලියනයකට
කට පෙර අප්රිකාවේ කුඩා
කණ්ඩායම් වශයෙන් මෙවුන්
සිටින්නට ඇති. ඊය
පසුව ඔවුනුත් වරින්
වර අප්රිකාවෙන්
පිටතට සංක්රමණය
වුනා. 1921 දී රොඩීශියාවෙන්
සොයාගත්ත හෝමෝ හයිඩබගන්සිස්(
Homo hieddelburgensis ) මානවයින්
මෙයට උදාහරණයක් .ඔවුන්
වසර 700 000 ක සිය
300 000 ක් පමණ අතීතයේ
ජීවත් වෙලා තිබෙන්වා. ඔවුන්ගේ
ශරීරයේ සැකැස්ම නූතන
මානවයාට බොහෝ සෙයින්
සමානයි. නමුත් ඔවුන්ගේ
ඇස් දෙක අතර විශාල පරතරයක්
තිබීම සුවිශේෂ ලක්ෂයක්
විදියට ඉදිරිපත් කරන්න
පුලුවන් . තවත් විශේෂම
දෙයක් නම් මේ වන විට
ඔවුන්ට භාෂා හැකියාවක්
තිබු බවට හිස්කබල්
වල සැකැස්මේන් කියන්න
පුලුවන් වීම . ඔවුන්ගේ
ෆොසිල බොහෝ ප්රමාණයක් යුරෝපයේන් හමුවනවා.
එසේම එක කාල වකවානුවේම හෝමෝ ඇන්ටසෙසර්
(Homo Antecessor) මානවයාත් සිටියා. ඔවුන් අතර
සමාන ලක්ෂණ තිබෙන
බවට හදුනාගන්න පුලුවන්
. විශේෂයෙන්ම ශරීරයේ ලක්ෂණ
සහ ජීවත් වුන
ප්රදේශ . ඇන්ටසෙසර් මානවයින්
ගේ මුහුණ ඉතා
පැතලි බවට හිස්කබල්
වලින් කියන්න පුලුවන්
. මෙවුනුත් යුරෝපයට සංක්රමණය
වුන අතර නියන්ඩතාල්
මානවයින් යුරෝපයේන් බිහිවුනේ මොවුන්ගෙන්
විය හැකියි. අප්රිකාවේ ජීවත්
වුන අනිත් ආදී
හෝමෝ සේපියන් ලා
පසුව නූතන හෝමෝ
සේපියන්ලා බවට පරිනාමය
වුනා. ඒ වසර
200 000කට පමණ පෙර.
ඒ වන විට අප්රිකාවේ
එකොනෙකට වෙනස් ලක්ෂණ
සහිත කුඩා මානව
කණ්ඩායම් බොහොමයක් සිටියා. නමුත්
ඒ කණ්ඩායමක් තුල
මානවයින්ගේ ලක්ෂණ එකිනෙකට
සාමානයි. අද ලෝකයේ
තියෙන තත්වය ඊට
පරස්පරයි. , අද තනි
පුද්ගලයන් වශයෙන් එකිනෙකා
අතර වෙනස් කම්
තියෙන්වා සහ ජාතීන්
හෝ මානව කණ්ඩායම්
අතර වෙනස් කම්
අඩුවෙමින් පවතිනවා. මෙයට හේතුව
ජාන හොදින් සංක්රමණය වීම.
අප්රිකාවේ මෙසේ
බිහිවුන හෝමෝ සේපියන්
මානවයින්ගේ ලක්ෂණය වුනේ
අනිත් මානවයින්ට වඩා
විශාල මොලයක් තිබීමයි
. එසේම
ඉතා දක්ෂ දඩයක්කරුවන්.
ඔවුන් අනිත් අයට
වඩා සාමාජීයයි. මේ
සේපියන්වරුත් අනිත් අයවගේම
අප්රිකාවෙන් පිටතට
සංක්රමණය වුනා.
ඒ වසර 50 000කට
පෙර . එසේ සංක්රමණය වෙලා
නියන්ඩතාල්ලා සමගත් එකට
ජීවත් වුනා කාලයක්.
තව පිරිසක් ඇමරිකානු
මහද්වීපය පුරා පැතිරුනා.
අප මෙලෙස ජීවත්
වෙන්නේ එහි ප්රතිඵලයක් විදියට . අනිත්
මානවයින් වගේම ඒ
ඒ කාලගුණ තත්වයන්ට
හැඩගැසිල අපි තවම
පරිනාමය වෙනවා. ඒ
වගේම අපේ බුද්ධිය
නිසා අප ශිෂ්ටාචාරවත්
වුනා. ලෝකයේ සෑම
කොනක්ම අත්පත් කරගෙන
එකම ගෝලීය ශිෂ්ටාචාරයක්
බවට පත්වුනා. ඔවුන්
අවසානයේ ඔවුන්ගේ අතීතය
ගැන පරිනාමවාදය ඔස්සේ
හදුනාගත්තා.
පරිනාමවාදය තුල වගේම
ඒ තුලින් අපේ
අතීතය ගැන කියන
කතන්දරයත් තවදුරටත් දියුණු කරන්න
පුලුවන් . විස්තරාත්මක කරන්න පුලුවන්
සහ ප්රයෝජනවත්
කරගන්න පුලුවන් . තාක්ෂණය සහ විද්යාව එකතුවෙලා
එය අදවනවිටත් අලුත්
දේවල් එකතු කරගන්නවා.
2020 වන විට හෝමෝ
ඇන්ටසෙසර් මානවයාගේ ජීනෝමය හදුනාගන්න
පවා හැකිවෙලා තියෙන්නවා.
ඒ වගේම අපේ
ගමන් මග ඇතුලෙ
තවම හමුනොවන ෆොසිල
වුනත් තියෙන්න පුලුවන්
. 2008 දී
ඒ විදියට මග
ඇරුණු මානව විශේෂයක්
හමුවෙනවා අපේ අප්රිකානු සම්භවය
හෙලිකරපු දකුණු අප්රිකානු භූමියෙන්ම.
ඒ Austalopithecus Sediba ලෙස හදුන්වන
විශේෂයක්. ඔවුන්
ඔස්තියෝපතිකස් ඇෆ්රිකානස් ලට වඩා දියුණු වුන
විශේෂයක්. ඒ
වගේම 2013 දී තවත්
මානවයෙක් ගැන ඉගියක්
ලැබෙනවා. ඒ Homo neladi කියල හදුන්වන
විශේෂයක් . ඔවුන් වසර
335 000 කට පෙර දකුණු
අප්රිකාවේ ජීවත්
වුන මානව විශේෂයක්.
ඒ වගේම මිනිසා
සමහ සමකාලීනව ජීවත්
වුන Homo denasovan මානවයාගේ සම්පූර්ණ ජීනෝමයත්
සහිතව අපි හදුනාගෙන
ඉන්නවා . මේ වගේ
අලුත් සොයාගැනීම් වලින්
මේ ක්ෂෙත්රය
දිනෙන් දින අලුත්
වෙනවා. ඒ කෙසේ වෙතත් මිනිසා
මෙන්ම අනිත් සතුනුත්
පරිනාමය වුන බවට කිසිම ප්රශ්නයක් නැතුව කියන්න
පුලුවන් .
සත්‍ය සැමවිටම පවතින්නේ පවතින
අධිකාරී බලයත් සමග
ගැටෙමින් යන්න සනාථ
කරමින් ඉතිහාසය පුරා
සිදුවීම් සිදුවෙලා තියෙනවා. ඒ
වගේම අදටත් එසේ
සිදුවීම් සිදුවනවා. මිනිස්සු දෙයක්
පිලිගන්නේ තමන්ගෙ දුෂ්ථින්ට
අනුව. ඒ වගේම තමා දේශපාලන
හේතුමත එක් දැනුම්
පද්ධතියකට ඇතිකරන
පක්ෂපාතීත්වයත් භයානකයි .
1891 පටන් රුසියාව
දරුණු සාගතයන් වලට
මුහුණ දුන්නා . කාලෙන්
කාලෙට පැමිණෙන දරුණු
ශීත කාලයන් නිසා
වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ
වුනා. සාර් පාලකයින්
මෙන්ම පසු කාලීන
කොමියුනිස්ට් පාලකයින් පවා මේයින්
මිලියන ගණනක් මිනිස්සු
මරණයෙන් බේරගන්න
අපොහොසත් වුනා. 1917 තේ සෝවියට්
විප්ලවයෙන් පස්සේ විද්යාත්මක දැනුම්
වලට ඉඩක් තිබුනත්
දැඩි දුෂ්ථිවාදී මතවලින්
එය පිරිලයි තිබුනේ. ජාන
විද්යාව සම්බන්ධයෙන්
ලෝකයේ නව පරීෂන
කරමින් එය පිලිබද
අද්යනයන් මෙන්ම
පරිනාමවාදය සම්න්ධයෙන් ඩාවින්ගේ අදහසද
ප්රචලිත වෙමින්
තිබුනා. නමුත් ඒවා
බොහොමයක් බ්රිතාන්යයේ වැනි
රටවල් කේන්ද්‍ර
කරගනිමින් තිබුනේ. මේ අතර රුසියන් ජාතික උද්භිද
විද්යාත්නයෙක් නිකොලායි
ඉවනොවිච් විවිලොව් ශාක සහ ඒවායේ පරිනාමය
ගැන පරීක්ෂන සිදු
කරා. 1920 දී ඔහු
ශාකයන්ගේ පරිනාමය ගැන ශේණිගත
සමපරිමාණ නීතිය (law of serial homology) ඉදිරිපත් කරා. ඔහු
උත්සහ කරේ වගාකරන
බෝගයන් දැන් තිබෙන
තත්වයට පරිනාමය වුන
ආකාරය සොයාගන්න. එය
අපට අවශ්යය තත්වයන්ට ගැලපෙන බෝගයන්
බිහිකරගැනීමට භාවිතා කරන්න
පුලුවන් . ඔහු
1927 දී ලෝකය වටා
යමින් සෑම පාරිබෝජන
වගා බෝගයකම පූර්වජයන්
සොගාගන්න උත්සහ කරා.
ඔහුට කෝපි ශාකයේ
සම්භවය ඉතියෝපියාවේන් සොයාගන්න
පවා හැකිවුනා. මේ
ආකරයෙන් එක් රැස්
කරගත් විශාල බීජ
බැන්කුවක් ලෙනින්ග්රෙඩ් වල ඇති කරා.
එහි ලක්ෂ ගණනක්
බීජ පරීක්ෂා කරේ
නිගයයෙන් සහ සාගතයෙන්
පීඩාවිදින රුසියාවේ කෘෂිකර්මය නගා
සිටවන්න. ජෝෂෆ් ස්ටාලින්ගේ
පාලනය හමුවේ ඉතා
දරුණු ආහාර හිගයකට
ජනතාවට මුහුණ දෙන්න
සිද්ද වුනත් . කෘෂිකර්මාන්තය
උදෙසා භාවිතා කරේ
පැරණි ක්රම සහ බීජයන්.
ඒවා ශීතලට ඔරොත්තු
දෙන්නේ නැති තරම්
. මේ නිසා විවිලොව්
උත්සහ කරේ එක පරිසරයන්ට ගැලපෙන බෝග
ප්රභේද හදුනාගන්න
සහ දෙමුහුන් අභිජනනය
මගින් ගැලපෙන ප්රභේද බිහිකරගැනීම
. මේවායේ විද්යාත්මක
පදනම වැටී තිබුනේ
පරිනාමවාදය සහ මැන්ඩෙල්ගේ
ප්රවේණි විද්යාව මතින්.
නමුත්
රුසියනු විද්යාපීඨයේ
ජාන සම්බන්ධ ආයතනයේ
අධ්යක්ෂක වුනේ
ට්රොෆින් ලිසියන්කා
නම් ස්ටාලින්ගෙ සමීපතනයෙක්
. ඔහු පරිනාමවාදයවත් මෙන්ඩල්ගේ
ප්රවාදවත් විශ්වාස
කරේ නෑ . ඒ දේශපාලන හේතුන් නිසා
. ඔහු ස්ටාලින්ට උපදෙස්
දුන්නේ ඒ අදහස් ධනවාදී රටවල
අදහස් බැවින් විශ්වාස
කල නොහැකි බව
සහ ඒ වෙනුවට
ප්රංශය විප්ලවයත්
සමග බිහිවූ ලමාක්ගේ
ප්රවාදයන් (larmarckism) භාවිතා
කල යුතු බවයි.
එය ප්රංශ ජාතික ජීන්
බැප්ටිස් ලමාර්ක් විසින් ඉදිරිපත්
කල සත්වයන්ගේ වෙනස්
වීම සම්බන්ධය ප්රවාදයක් . එය ඉදිරිපත්
කල කාලයේදීම බිදවැටුන
ප්රවාදයක්. නමුත්
දේශපාලන හේතූන් මත
විද්යාත්මක අදහස්
තෝරාගැනීමට ස්ටාලින් පාලනය තුල
අවස්ථාව තිබුනා . නමුත්
දේශපාලන බලයට ස්වභව
ධර්මයේ නියම වෙනස්
වන්නේ නෑ. ලිසියන්කා
vernialization ලෙස ඉදිරිපත් කරපු ක්රමවේදයක් ඔස්සේ ඉතාම
ශීත තවයන් යටතේ
බෝහ වහා කිරීමෙන්
ඒවා එම කාලගුණයන්ට
නිතතින්ම හුරුවන බව
ඔහු සිතුවා. ඒ
වගේම බීජ අධිශීත
ජලයේ ගිල්වා තමා
වගාකිරීමෙන් ඒවා ශීතලය
ඔරොත්තු දෙන බව කියා සිටියා.
නමුත් මේවායේ විද්යාත්මක වලංගුතාවක්
තිබුනේ නෑ. ඒවා දේශපාලන බලය නිසා
ඉහලට පැමිණි අදහස්.
මේ නිසා විවිලොව්ගේ
සහ ලිසියන්කා ගේ
අදහස් ගැටුනා . අවසානයේ
දේශපාලන දෘෂ්ටිවාදයන්ගේ භයානක
කම හමුවේ 1940 දී
විවිලොව් අසත්‍ය
චෝදනා මත අත්තඩංගුවට
ගෙන දරුණු වද
හිංසනයන්ට ලක් කරා.
නමුත් ඔහුගේ කණ්ඩායම
1941 දී හිට්ලර් ලෙනින්ග්රෙඩ් ආක්රමණය කල
අවස්ථාවේදීත් ඉතාම අපහසු
තත්වයන් වලදීත් බීජ
බැන්කුව ආරක්ෂා කරා
. සහ අවසානයේ ඔවුන්ටත්
නිරාහාරව මිය යන්න
වුනා. ස්ටාලින් මේ
බීජ බැංකුව රැකගැනීමට
තැකීමක් නොකලත් එහි
වටිනාකම ගැන හිට්ලර්
පවා දැනගෙන ඉදියේ
. ඒ නිසා එයට
හානි කරේ නෑ. සාහතය නිම
කිරීමය උත්සහ කර
විවිලොව් අවාසනාවන්ත ලෙස 1943 දී
කුසගින්නේන් මිය ගියා.
ඒවගේම රුසියාවේ උග්‍ර සාගතයත්
සෝවියට් දේශපාලනය බිදවැටීමට
හේතුවක් වුනා.
දේශපාලන හේතූන්
මත විද්යාව
හැසිරවීම අද හදුන්වන්නේ
ලිසියන්කාවාදය එහෙම නැත්නම්
lysenkism ලෙස. ස්ටාලින්ගෙ මරණයෙන් පසු
රුසියාවේ ප්රමුඛ
පෙලේ විද්යාත්නයින්
ඔහුට එරෙහිව නැගීසිටි
අතර ඔහුට විරුද්ධව
චෝදනා එල්ල කරා.
අවසානයේ විවිලොව්ගේ මරණයෙන්
පසුව ඔහුට හිමි
ගෘරවය ලැබුනා. අද
අප ආහාරයට ගන්නා
බෝගයන් එන්නේ ඔහුහේ
බීජ එකතුවෙන් වගාකල
ඒවායෙන් වෙන්න පුලුවන්
. ඒ වගේම අප විවිධ බෝග
ප්රභේද නිර්මාණය
කරගන්න දැනුම පැමිණියේත්
ඔහුගේ පරීක්ෂන වලින්.
පරිනාමවාදය හෝ විද්යාත්මක දැනුමක්
එසෙල දේශපාලන හෝ
ආගමික අධිකාරීන්වලට යටත්
කිරීම ඉතාම භයානක
වෙන්න පුලුවන්
අදවන විට ලෝකයේ තත්වය කොහොමද ? අවාසනාවකට තවමත් දේශපාලන හා ආගමික අධිකාරීන් නිසා පරිනාමවාදය පිලිගන්න මැලිකමක් තිබෙනවා. විශේෂයෙන්ම අද ලෝකයේ බලවතා වන ඇමරිකාවෙ තත්වය එසේමයි . 2006 කල සමීක්ෂණකින් හෙලි වුනේ පරිනාමවාදය පිලිගන්නේ ඇමරිකානුවන්ගෙන් 16% පමණක් බවයි. තවත් 38% දෙවියන් විසින් පාලනය කරන පරිනාමයක් ගැන විශ්වාස කරනවා. 1980දී එරට ජනාධිපති වුන රොනල් රේගන් පවා කීවේ එය වාදයක් පමණයි කියල. ඇත්තටම කිසිම බල අධිකාරියකට සත්‍ය සමග ගනුදෙනු කරන්න ඕනි නෑ. බලය වියාප්ත කරන්න ලෙහෙසි වන්නේ සත්‍ය නිහඩ වුන තැන. නමුත් ඇමරිකානුවන්ගෙන් 68% සුරදූතයින් (angels) විශ්වාස කරනවා. ලොකයේ අනිත් රටවල් ගත්තත් මිනිසුන් පරිනාමවාදය වැඩිපුරම ප්රතික්ෂේප කරන්නේ වඩා ආගමික රටවල. දෙවියන් ගැන විශ්වාසය සහ රටක සමාජීය පිරිහීම ගැන කරන කරපු අධ්යනයකින් හෙලිවන්නේ වඩා දෙවියන් විශ්වාස කරන සමාජයන් වඩාත් පිරිහීමට ලක්වූ සාමජයන් බවයි.
https://journals.sagepub.com/doi/full/10.1177/147470490900700305
මෙයට
අනුව ඇමරිකාව යනු
වැඩිම සමාජීය පිරිහීමක්
ඇති සමාජයක්. ඇමරිකානුවන්ගෙන්
64% තමගේ ආගමික විශ්වාස
මත පදනම් වෙලා
ඕනිම විද්යාත්මක
කරුණක් ප්රතික්ෂේප
කරන්න සූදානම්. නමුත්
ඉන්දියාවේ කල සමීක්ෂණයකින්
හෙලි වුනේ ඉන්දියානුවන්
බහුතරයක් පරිනාමවාදය පිලිගන්නා බවයි
. නමුත් එම සමීක්ෂණ
කර තිබෙන්නේ අධ්යනය අතින්
ඉහලින් සිටින පිරිස්
යොදාගෙන . ඉන්දියාව තුල තිබෙන්
උග්‍ර කුලවාදයන්ට
යටවන සමාජයන් ඒවා
බිදගෙන ඉහලට පැමිණීමය
අධ්යපනය මෙවලමක්
විදියට භාවිතා කරනවා
. ඒ වගේම විද්යාවත් ඒ
සමාජවල කුල ක්රමය සහ
වර්ගවාදී පීඩාවන්ට එරෙහිව භාවිතා
කරන අවියක් වෙලා.
නමුත් පරිනාමවාදය කුමක්ද
යන්න්වත් නොදන්නා බහුතරයක් තමා
ඉන්දියාවේ නම් සිටින්නේ
.
ආගමික ඇදහීම
හෝ ඕනිම දෘෂ්ටිවාදයක්
මගින් විද්යාත්මක
දැනුමක් යටත් කරන්න
දෙන එක නොවිය
යුතු දෙයක් . විද්යාත්මක කරුණක්
ප්රතික්ෂේප කල
යුත්තේ විද්යාත්මක
ක්රමයක සිටයි.
එම නිසා ඕනිම
කෙනෙකුට පරිනාමවාදය ප්රතික්ෂේප කරන්න කලින්
එය අද්යයනය
කරල එහි නිවරදි
කරුනු වලය තමන්ගෙ
ප්රතිතර්ක හෝ
අදහස් ඉදිරිපත් කරන්න
පුලුවන් . එහෙම ඉදිරිපත්
කරන අදහස් ගැන
කතාකිරීම වටිනවා. එහෙම නැතුව
පරිනාමය ගැන තිබෙන
වැරදි මත වලට තර්ක ගෙන
එක එක පඹයෙක්ට
ගල් ගැසීමක් (strawman fallacy). ඒ නිසා පරිනාමවාදය ප්රතික්ෂේප
කරන්න කලින් එය
අධ්යනය කර සිටින්නට කියා ඉල්ලා
සිටිනවා.
~ • ~

Comments
Post a Comment